චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත පදනම් කරගනිමින් වනාන්තර ගිනි ගැනීම සම්බන්ධ තොරතුරු ඇතුළත් layer එකක් සමගින් Google map navigation සේවාව නුදුරු දිනකදීම යළිත් යාවත්කාලීන වීමට නියමිතයි.

Wildfire layer නමින් හැඳින්වෙන මෙම පහසුකම සමගින් ලැව්ගිනි ඇති වෙමින් තිබෙන ප්‍රදේශ හා අනුමාන වශයෙන් එය කොපමණ ප්‍රදේශයක් පුරා පැතිර යන්නේද ආදී තොරතුරු මෙන්ම, හදිසි ඇමතුම් දුරකථන අංක, එම ගිනි ගැනීම් පිළිබඳ තොරතුරු ලබාගත හැකි වෙබ් අඩවි පිළිබඳ තොරතුරු ද මෙලෙස එකතු කිරීමට නියමිතයි.

View post on imgur.com

ලැව් ගිනි ව්‍යාප්තවෙමින් ඇති ප්‍රදේශ රතු පැහැයෙන් වර්ණ ගැන්වෙනු ඇති අතර, එම area එක මත Tap කිරීම තුළින් ඒ පිළිබඳව තොරතුරු ලබා ගත හැකි අතර, මෙම feature එකේ විශේෂත්වය නම් ස්ථාන කිහිපයකම සිදුවන ලැව්ගිනි පිළිබඳ තොරතුරු Map එක ඔස්සේම ලබාගත හැකි වීමයි.

එමෙන්ම එම තොරතුරු අවසන් වරට update වී තිබෙන්නේ කීයටද යන්නද පරිශීලකයින්ට දැක බලා ගත හැකි අතර, ඒ පිළිබඳ තොරතුරු දන්නා අයට, දත්තවල නිරවද්‍යතාවය වෙනුවෙන් එම තොරතුරු Map එක ඔස්සෙ share කිරීමටද අවස්ථාව දී තිබෙනවා.

2020 දී ඕස්ට්‍රේලියාවේ සිදු වූ ලැව්ගින්න(මෙම ලැව් ගින්න හේතුවෙන් නිවාස විශාල ප්‍රමාණයක් සහ බිලියන ගණනක් වූ සතුන් මියගිය බව විශේෂඥයන් ගණන් බලා තිබේ)

එමෙන්ම චන්ද්‍රිකා දත්ත පදනම් කරගනිමින් උෂ්ණත්වය ඉහළ යන ප්‍රදේශ සහ ඒ නිසාම අධි අවදානම් කලාප බවට පත්වෙන ප්‍රදේශද හඳුනාගෙන එම තොරතුරුද Map එක වෙත එකතු වෙනු ඇති.

දැනට ඇමරිකාව ඕස්ට්‍රේලියාව වැනි රටවල් කීපයක් සඳහා පමණක් ප්‍රමුඛත්වය ලබාදී තිබුණත්, ඉදිරියේදී තවත් රටවල් වෙත මෙම පහසුකම සඳහා සහාය ලබාදීමට Google සමාගම සූදානමින් සිටිනවා.

එමෙන්ම ලබන සතිය වන විට Android පරිශීලකයන්ටත්, අනතුරුව iOS පරිශීලකයන් ටත් මෙම පහසුකම ලබාදීමට නියමිතයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The verge වෙබ් අඩවිය සහ Euronewsවෙබ් අඩවිය භාවිතා කළ හැක.