ඉකුත් ජනවාරි මාසයේ 6 වැනි දින US Capitol Building එකට කඩා වැදුනු පිරිස්, දේශප්‍රේමීන් ලෙස සිය සමාජ මාධ්‍ය තුළ හැදින්වීම සහ යම් යම් ප්‍රඡන්ඩකාරී අදහස් සමාජ ගත කිරීම හේතුවෙන් හිටපු ඇමරිකානු ජනාධිපති Donald Trump ගේ Twitter ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවක් අත්හිටුවීමට එම ආයතන කටයුතු කරනු ලැබුවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Twitter, Facebook සහ Instagram ගිණුම් තාවකාලිකව block කිරීමට එම සමාගම් කටයුතු කරයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ Facebook, Instagram සහ Twitter social media accounts තාවකාලිකව අත්හිටුවීමට එම සමාගම් කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා. මේ අනුව Facebook සහ Instagram

කෙසේ වෙතත් ඉකුත් සිකුරාදා දිනයේදී ඇමරිකාවේ Florida හිදී සිය Twitter ගිණුම නැවත ස්ථාපනය කරන ලෙස ඉල්ලමින් Twitter සමාගමට විරුද්ධව නඩුවක් ගොනු කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කටයුතු කර තිබෙනවා.

මෙම චෝදනාව හරහා උක්ත තහනම සංශෝධනය කරන ලෙසට සහ මෙම තහනම නව Florida වල සමාජ මාධ්‍ය නීතිය උල්ලංඝනය කරන බවටද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

ඔහු එම නඩුව ගොනු කරන විටදී පවසා ඇත්තේ ඔහුගේ දේශපාලන ජීවිතයේ වැදගත් කරුණු රැසක්ද , රජයේ වැදගත් තොරතුරු සහ ප්‍රවෘත්ති රැසක් සිය ගිණුම තුළ අන්තර් ගත වී තිබූ බවයි. ඔහුගේ Twitter ගිණුම තහනම් කරන විට ඔහුට අනුගාමිකයින් (Followers) මිලියන 88කට අධික පිරිසක් එහි සිටි බව ද වාර්තා‍ වෙනවා.

මේ සදහා තවමත් Twitter ආයතනය ප්‍රතිචාරයක් දක්වා නොමැති අතර මෙම නඩු විභාගය ඉදිරි දින කිහපය තුළදී පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Reuters වෙබ් අඩවිය භාවිතා කළ හැක.