Mozilla කියන්නේ කියපු ගමන් අපේ හිතට එන්නේ Mozilla Firefox web browser එක වුණත්, මේ Mozilla ආයතනයට අපි හිතනවාට වැඩියෙන් දිග ඉතිහාසයක් තියනවා.

90 දශකයේ මැද භාගය වන විට Internet Explorer වගේ web browser වලට අභියෝගයක් එල්ල කරන්නට සමත් හැකියාව තිබූ web browser එකක් තමයි Netscape කියන්නේ. නමුත් කාලය ගතවීමත් එක්ක, 1998 වර්ෂයේදී Netscape ආයතනයේ සේවය කල පිරිසක් විසින් මෙම Mozila ආයතනය පිහිටුවීමට කටයුතු කලා.

Mozilla Firefox web browser එක 2002 වර්ෂයේදී නිකුත් කරන ලද අතර ඔවුන්ගේ Firefox Focus කියන web browser එක හඳුන්වා දී තවමත් වසර තුනක පමණ කාලයක් ගතවී තිබෙනවා. මේ Firefox Focus කියන්නේ භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වය ගැන විශේෂ අවධානයක් යොමු කරමින් නිර්මාණය කළ open-source මෘදුකාංගයක් වන අතර මෙය මුලින්ම iOS සඳහා නිකුත් කරන ලදී.

එමෙන්ම මීළඟට මෙය Android වලටත් නිකුත් කරන ලද නමුත්, එහිදී වෙබ් පිටු පෙන්වීම සඳහා භාවිතා වූයේ Chrome Webview එකයි. නමුත් මේ අලුත් සංස්කරණයත් සමඟ Mozilla විසින්ම නිර්මාණය කරනු ලැබූ GeckoView එකට මාරු කිරීමක් සිදු කර තිබෙනවා.

කොහොම නමුත් මේ වෙනස්කිරීම හරහා වෙබ් පිටු load වීමේ වේගයට කිසිඳු වෙනසක් සිදු නොවන නමුත්, මේ Firefox Focus web browser එකේ මූලික පරමාර්ථය වන භාවිතා කරන්නාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට මේ Gecko Engine එක හරහා මහත් පිටුවහලක් ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව search suggestions යන පහසුකමත් මේ අලුත් update එකත් සමඟින් ලැබෙන අතර මෙහි පෙනුම Android Pie වල පෙනුමට ගැලපෙන ලෙස වෙනස් කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර xda-developers වෙබ් අඩවියෙන් දැනගැනීමට හැකියාව ඇති අතර Firefox Focus app එක Google Play Store එක හරහා download කරගැනීමට හැකියාව ඇත.