අපි භාවිතා කරන සෑම smartphone එකකම පාහේ අන්තර්ගත වන Airplane mode එක ගැන මේ වන විට නොදන්න කෙනෙක් නැහැ.

මේ airplane mode එකෙන් වෙන්නේ අපේ ජංගම දුරකථනයේ තිබෙන සියළුම radio signal නිකුත් වන උපාංග ක්‍රියා විරහිත කිරීම වන අතර airplane එකකදී එයට ලැබෙන/යවනු ලබන පණිවිඩ වලට බධාවක් නොවීම සඳහා මූලිකව මෙය නිර්මාණය කර තිබෙනවා.

කොහොම වුණත් Android 11 R සමඟින් මේ Airplane mode එකට වෙනසක් එකතු කිරීමට කටයුතු කර ඇති අතර මේ අනුව පහත අවස්ථා වලදී airplane mode එක on කිරීමට කටයුතු කලද Bluetooth පහසුකම ක්‍රියා විරහිත වීම නැවැත්වෙනවා.

  • Bluetooth A2DP (Bluetooth මගින් audio stream කිරීම සඳහා භාවිතා කරනු ලබන) පහසුකම ක්‍රියාත්මක වන අවස්ථා වලදී
  • Bluetooth Hearing Aid, එහෙමත් නැතිනම් ශ්‍රව්‍ය ආබාධිත ප්‍රද්ගලයන් භාවිතා කරනු ලබන උපකාරක පද්ධතිය Bluetooth හරහා ක්‍රියාත්මක වන අවස්ථා වලදී

මීට අදාල වන commit එක මේ වන විට ප්‍රධාන Android Source එකට merge කිරීමට කටයුතු කර ඇති අතර මෙය Context-aware Bluetooth airplane mode යන නමින් හැඳින්වීමට කටයුතු කර තිබෙනවා.

මේ අනුව Android 11 වල සිට ඔබ Bluetooth හරහා සංගීතයට සවන්දෙමින් සිටින්නේ නම් හෝ Hearing Aid පහසුකම භාවිතා කරමින් සිටින්නේ නම්, airplane mode එක එම අවස්ථාව හඳුනාගෙන අනෙකුත් radios පමණක් off කිරීමට කටයුතු කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා AOSP වෙබ් අඩවිය භාවිතා කළ හැක.