Google සමාගම සතුව මේ වන විට සේවාවන් විශාල ගණනාවක් පවතිනවා. එයින් Google+ කියන්නේ ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන තොරතුරු හුවමාරු මාධ්‍යයක් එහෙමත් නැතිනම් සමාජ ජාල මාධ්‍යයක් ලෙසින් පැවසුවත් නිවැරදියි.

කෙසේ නමුත් මේ Google+ වෙතට එල්ල වූ මහාපරිමාණ සයිබර් ප්‍රහාරයකින් 500,000ක් පමණ වූ පරිශීලක දත්ත හැකර්වරුන් කණ්ඩායමක් විසින් ලබාගැනීමෙන් අනතුරුව Google+ සේවාව නවතා දැමීමට Google සමාගම තීරණය කර තිබෙන බව වාර්ථා වෙනවා.

මෙම සයිබර් ප්‍රහාරයෙන් පරිශීලකයන්ගේ username එක, email addresse එක, රැකියාව, උපන්දිනය, profile photos, සහ gender-related තොරතුරු සියල්ලක්ම පාහේ සොරාගෙන තිබෙන බවයි පෙනී යන්නේ.

මෙම සයිබර් ප්‍රහාරයට පාදක වූ දුර්වලතාව (vulnerability) 2015 වසරේ සිට Google+ හි පැවතී තිබෙන බවට සොයාගෙන ඇති අතර 2018 මාර්තු මාසයේ මෙම දුර්වලතාව සොයාගැනීමේන පසුව එයට අදාල patch කිරීම් කටයුතු සිදු කර මේ බව මහජනයාගෙන් වසන් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ කාලසීමාව වන විට මෙවැනිම දත්ත අවභාවිතාවක් වූ Facebook සහ Cambridge Analytica සිදුවීම ඉතාමත් විශාල මාතෘකාවක් ව පැවතුණි.

කොහොම වුණත් Google සමාගමේ ආදායමෙන් 1.23% ප්‍රමාණයක් Google+ නිසා ලැබුණු නමුත් එය Google සමාගමට ප්‍රමාණවත් නොවීම නිසා මෙසේ 2011 වසරේ සිට ක්‍රියාත්මක වූ Google+ සේවාව නතර කර දැමීමට කටයුතු කර ඇතැයි ඇතැමුන් මේ සම්බන්ධයෙන් චෝදනා කරනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා thehackernews වෙබ් අඩවිය හා නිළ Google Blog එක භාවිතා කළ හැක.