ඇමරිකාවේ ප්‍රමුඛතම රැකියා පිළබඳ වූ ආයතනයක් වන Glassdoor හි වාර්ෂික "100 Best place to Work in the US", එමෙහත් නැතිනම් ඇමරිකාවේ රැකියාවක් කිරීමට සුදුසු හොඳම ආයතන 100 සහිත අලුත්ම නාම ලේඛනය පසුගියදා එළිදැක්වීමට ඔවුන් කටයුතු කර තිබුණා.

මෙවර එම ලේඛනයේ ප්‍රථම ස්ථානය හිමි කර ගැනීමට Boston නගරයෙහි තිබෙන management consulting firm එකක් වන Bain & Co. ආයතනය සමත් වෙලා තියෙනවා.

ඔවුන් එම ස්ථානය හිමි කර ගත්තේ ගිය වර ප්‍රථම ස්ථානය හිමි කර ගත් අපි කවුරුත් දන්නා Facebook ආයතනය 7වන තැනට පත් කරමින්.

මේ සඳහා වන ප්‍රසාද ලකුණු 5ක ප්‍රමාණයෙන් Facebook ආයතනයට හිමිවෙලා තිබුනේ ලකුණු 4.5ක් පමණක් වන අතර Facebook ආයතනය 7වන ස්ථානයට පත් වීම ගැන බොහෝ දෙනාගේ කතා බහට ලක් වුනා.

මීට අමතරව Apple සමාගම ලේඛනයේ ස්ථාන 7ක් ඉදිරියට පැමිණෙමින් 71 වන තැනට පත් වී ඇති අතර Microsoft සමාගමට, ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් මේ වසරේදී 34 වන ස්ථානට පත් වෙන්න හැකි වෙලා තියෙනවා.

එමෙන්ම Microsoft ආයතනයට අයිතිය ඇති Linkedin සමාගම 6වන ස්ථනය ලබා ගන්නේ ද ප්‍රසාද ලකුණු 4.5 හිමිකර ගනිමිනුයි.

කොහොම වුණත් ලොව ධනවත්ම පුද්ගලයාට හිමි Amazon ආයතනයට එම ලේඛනයට ඇතුලු වීමට පවා නොහැකි වෙලා තියෙනවා.

Facebook ආයතනය ගැන තිබූ ප්‍රසාදය ආයතන සේවකයින් අතුරින් ගිලිහී යනු ඇති බවට වාර්ථා වන අතර එහි සමහර සේවකයින් තම මිතුරන් මාර්ගයෙන් වෙනත් රැකියා පවා සොයන බව පසුගිය සතියේ CNBC වෙබ් අඩවිය වර්තා කර තිබුණා. මේ ආකාරයේ වාර්ථාවන් සහ කරුණු Facebook ආයතනයේ ස්ථානය පහල බැසීමට විශේෂයෙන් බලපා ඇති බව බොහෝ දෙනාගේ මතය වෙනවා.

මේ තත්වය යටතේ Facebook ආයතනයෙ කොටස් කරුවන් Facebook ආයතනයේ CEO වන Mark Zuckerberg හට විවිධ බලපෑම් කරනු ලබන බව වර්තා වන නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීමට ඔහු කටයුතු කර තිබෙන බවත් වාර්ථා වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Glassdoor වෙබ් අඩවිය, Gadgets 360 වෙබ් අඩවිය හා CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.