අද දින (මැයි 7 වැනි දින) ආරම්භ වීමට නියමිත Google I/O Event එක ගැන technews.lk සමඟ රැඳී සිටින ඔබ මේ වන විටත් දැනුවත් ඇති.

අප රට තුළ මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය හමුවේ මෙරට පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Extended event ද්විත්වයම online video streaming ක්‍රමයට ලබා දීමට Dialog සහ Mobitel සමාගම් කටයුතු කර තිබෙන බව අපි මීට පෙර ඔබව දැනුවත් කළා මතක ඇති.


Google සමාගම විසින් පවත්වනු ලබන ප්‍රධාන Google I/O event එක ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 10:30ට ආරම්භ වීමට නියමිත වන අතර එහි Live stream එක events.google.com/io වෙබ් අඩවිය හරහා සෘජුවම නැරඹීමේ හැකියාව ලබා දී තිබෙනවා.

කොහොම වුණත් මේ ප්‍රධාන event එක ආරම්භ වීමට ප්‍රථමව ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත Google I/O Extended events ආරම්භ වීමට නියමිත වන අතර ප්‍රධාන event එක ආරම්භ වන තුරු ශ්‍රී ලංකාවේ tech experts ලාගේ අදහස් බෙදාගැනීමට කටයුතු කරනවා.

Mobitel සමාගම විසින් පැවැත්වීමට නියමිතව තිබූ Google I/O Extended Sri Lanka වැඩසටහන අද සවස 6.30 PM සිට ආරම්භ වීමට නියමිත වන අතර එය ඔවුන්ගේ නිළ YouTube Channel එක, නිළ Facebook Page එක හා PEO TV - Event TV, එහෙමත් නැතිනම් Channel 20 එක හරහා live stream කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

එමෙන්ම Dialog ආයතනය විසින් පැවැත්වීමට නියමිත Google I/O Extended Sri Lanka වැඩසටහන අද දින සවස 8:30PM සිට ආරම්භ කිරීමට නියමිත වන අතර එය Dialog TV සේවාව භාවිතා කරනවා නම් Dialog Now, එහෙමත් නැතිනම් channel no.1 හරහා මෙන්ම io.thepapare.com වෙබ් අඩවිය හරහා ද live stream කිරීමට නියමිත වෙනවා.

මීට අමතරව මෙම live stream එක Dialog My TV app එක හරහා ද විකාශය කිරීමට නියමිත වන අතර, මේ සඳහා අලුතින් channel එකක් නිකුත් කරනු ලබන බව Dialog ආයතනය විසින් ප්‍රකාශ කර සිටිනවා. කොහොම නමුත් අදාල channel එකේ නම තවමත් ලබා දීමට ඔවුන් කටයුතු කර නැහැ.

Dialog පරිශීලකයන් සඳහා මේ වෙනුවෙන් data charges අය නොකරනු ලබන බවද ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Google I/O වෙබ් අඩවිය, Mobitel Innovation Centre වෙබ් අඩවිය හා Dialog Facebook Event Page එක භාවිතා කළ හැක.