පසුගිය ජනවාර් මස 18 වැනිදා ලොව සිදුවූ විශාලතම data breaches වලින් එකක් පිළිබඳව අපි ඔබව දැනුවත් කලා මතක ඇති.

ඉතින් මේ වගේ අන්තර්ජාලය පුරාවට සිදු වන hacking ප්‍රහාර හා දත්ත පිටවීම් හමුවේ අපි භාවිතා කරන passwords වලින් leak වෙලා තියෙන්නේ මොන ඒවාද, කොයි passwords ද තවමත් ආරක්ෂිත කියන එක හඳුනගන්න විදිහක් මේ වෙනකන් අපිට තිබුණේ නැහැ.

කොහොම වුණත්, ඔයා හැම වෙබ් අඩවියකදීම අලුත්ම password එකක් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවා නම් මේ ගැටලුවට ඔබ බොහෝ වෙලාවට මුහුණ දෙන්නේ නැතිව ඇති.

නමුත් ඔන්න දැන් Google සමාගම විසින් ඔවුන්ගේ Chrome browser එකට Password Checkup නමින් හඳුන්වන, අලුත් extension එකක් හඳුන්වා දීම මගින් මේ ගැටළුවට පිලියමක් දෙන්නට කටයුතු කර තිබෙනවා.

මේ extension එක install කල විට, ඔයා යම්කිසි වෙබ් අඩවියකට ඇතුලත් කරන්න යන password එක කලින් සඳහන් කළ ආකාරයට leak වූ username සහ passwords බිලියන 4ක් සමඟ ක්ෂණිකව සසඳා බලා එහි අනතුරුදායක තත්ත්වයක් ඇති නම් පෙන්වා දීමට කටයුතු කරනවා.

කොහොම වුණත් ඉහත ක්‍රමවේදය තේරුම් ගත් විට නිතැතින්ම මනසට නැගෙන මීළඟ ප්‍රශ්නය, අපේ හැම password එකක් ම Google එකට යනවද?

ඒ password එක ආරක්ෂිතද නැත් ද යන්න හඳුනාගැනීම වෙනුවෙන් මේ password හැම එකක්ම Google එකට යනවා. ඒත් Google සමාගම ඒ දත්ත save කරගන්නේ නැති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

එහෙම වුණත්, මේ extension එක භාවිතා කරන අයගේ පෞද්ගලික විස්තර (anonymous ආකාරයෙන්) Google සමාගම විසින් ලබා ගන්නා බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා. මේ දත්ත හරහා කී දෙනෙක් මේ extension එක භාවිතා කරනවා ද, මේ service එක improve කරන්න ඕන කොහොමද කියන එක ගැන තීරණ ගන්න ඔවුන්ට හැකියාව ලැබෙන බව තමයි Google සමාගම ප්‍රකාශ කරන්නේ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා  The Verge වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක. මේ Extenstion එක download කරගැනීම සඳහා Chrome Store එක භාවිතා කළ හැක.