Apple සමාගමේ Safari web browser එක හරහා website එකකට යන විට බොහෝ වෙලාවට මුලින්ම දකින්නට ලැබෙන confirmation එක වෙන්නේ මේ Do Not Track කියන පහසුකම සඳහා කරන විමසීමයි.

ඉතින් මේ confirmation එක හරහා do not track කියන option එක තෝරාගත් විට තමන්ව track වෙන්නේ නෑ කියලා හිතනවා නම්, ඒක වැරදි මතයක්. ඒකෙන් වෙන්නේ අදාල වෙබ් අඩවියට පණිවිඩයක් දෙනවා මේ පුද්ගලයාව track කරන්න එපා කියලා.

නමුත් මේ වන විට ඒ request එක කිසිම website එකකින් හෝ සේවාවකින් ගණන් නොගෙන, තම සිතැඟි ආකාරයට අදාල පරිශීලකයාව track කිරීම සිදු කරගෙන යෑමට කටයුතු කරන බව ප්‍රසිද්ධ රහසක්.


ඉතින් මේ පහසුකමේ ඇති නොවැදගත් බව නිසාම මෙය තම මෙහෙයුම් පද්ධති වල භාවිතා වන Safari web browser එකෙන් මේ පහසුකම ඉවත් කිරීමට Apple සමාගම තීරණය කර තිබෙනවා.

මේ අනුව iOS 12.2 වල පටන් මෙන්ම macOS 12.14.4 beta වල සිට මේ Do Not Track පහසුකම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්ථා වෙනවා.

තම පරිශීලකයන් හට මේ පහසුකම හරහා හරි වටිනාකමක් නොලැබෙන බැවින් මෙය ඉවත් කිරීමට කටයුතු කළ බවත්, මේ වෙනු‍වට Intelligent Tracking Prevention නමින් හඳුන්වන වැඩිදියුණු කළ පහසුකමක් හඳුන්වාදීමට නියමිත බවත්, advertisers ලා විසින් කුමන ආකාරයේ පියවරක් ගත්තත් මේ හරහා තම පරිශීලකයාව ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.