Smart ජංගම දුරකථන unlock කරගැනීම සඳහා සාම්ප්‍රදායික pattern ක්‍රමය හා password එක හැරුණු විට වර්තමානයේ ජංගම දුරකථන සියල්ලම පාහේ fingerprint හා වැඩිදියුණු කළ face unlock පහසුකම සහිත වන බව ඔබ දැනටමත් දන්නා කාරණාවක් වෙනවා.

මීට අමතරව Samsung සමාගම විසින් ඇසේ තාරා මණ්ඩලය Sacn කොට ජංගම දුරකථන unlock කිරීමට හැකියාව ලැබෙන Iris Scanner පහසුකම Galaxy S8 Series එකට එකතු කල අතර ඇතැම් දුරකථන මාදිලි සඳහා voice unlock පහසුකම ද එකතු කල බව ඔබට මතක ඇතැයි අප සිතනවා.

කොහොම වුණත් මෙම තාක්ෂණයන් දෙකම භාවිතයේ ඇති ප්‍රායෝගික ගැටලු නිසා වර්තමානයේදී ජංගම දුරකථන වලට භාවිතා වන්නේ නැහැ.

මේ අතර Sammobile වෙබ් අඩවියෙහි වාර්තාවකට අනුව Samsung සමාගම විසින් සිය voice unlock පහසුකම යලි රැගෙන ඒමට සූදානම් වන බව හෙළි වී තිබෙන අතර, එනම් සිය මිළඟ flagship line-up එක වන Galaxy S21 සඳහා voice unlock පහසුකම එකතු කිරීමට Samsung සමාගම සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

Samsung Bixby Voice Assistant වැඩසටහන හරහා ක්‍රියාත්මක වන මෙම voice unlock පහසුකම Samaung One UI 3.1 සංස්කරණය වෙත එකතු කර තිබෙන බව දැනගන්නට ලැබෙන අතර "Hi Bixby" ලෙස ඇමතීමෙන්, Galaxy පරිශීලකයන් හට ඉදිරියේ දී සිය Galaxy දුරකථනය unlock කරගැනීමට හැකියාව ලැබෙනු ඇති.

මෙම නව unlock option එකේ ආරක්ෂිතභාවය පිළිබඳව Samsung සමාගම සාධනීය ස්ථානයක සිටින බව වාර්තා වන අතර, ඔබට ඔබේ Galaxy දුරකථනය unlock කරගැනීම සඳහා Face ID හෝ Fingerprint භාවිතා කල නොහැකි අවස්ථාවක, අමතර විකල්පයක් ලෙස මෙම option එක භාවිතා කල හැකි බව Samsung සමාගම පෙන්වා දෙනවා.

කොහොම වුණත්, මේ ගැන තවත් තොරතුරු දැනගැනීමට අපට S21 Line-up එක One UI 3.1 සමඟ නිකුත් කරන තෙක් බලා සිටීමට සිටීමට සිදු වනු ඇති අතර, ඊට හේතුව නම් දැනට තිබෙන latest ම One UI සංස්කරණය වන One UI 2.5 හෝ මේ වනතෙක් සියලුම Galaxy දුරකථන වලට ලබා දී නොමැති වීමයි.

Samsung සමාගම විසින් Galaxy S21 Series එක 2021 ජනවාරි 29 වැනි දින එළිදැක්වීමට කටයුතු කරන ලකුණු
Samsung සමාගමේ මීළඟ flagship line-up එක වන Galaxy S21 Series එක සාමාන්‍යයෙන්නිකුත් කරන කාල රාමුවට වඩා කලින් නිකුත් කරනු ඇති බව හා ඊට බලපාන ලද හේතුසම්බන්ධයෙන් වන විස්තරයක් ද සහිතව මීට පෙර ලිපියකින් අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Samsung සමාගමේ මීළඟ flagship ජංගම දුරකථනය වන Galaxy S21 (S30) මාදිලිය ම…

කෙසේ නමුත් ලබන වසරේ ජනවාරි මාසයේදී මේ Galaxy S21 ජංගම දුරකථනය එළිදැක්වීමට Samsung සමාගම කටයුතු කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Sammobile වෙබ් අඩවිය භාවිතා කළ හැක.