මිලියන ගණනක් වූ වෙබ් පිටු අතරින් අවශය පින්තූර සොයා ගැනීමට අපි බහුතරයක් දෙනා මේ වන විට Google image search පහසුකම භාවිතා කරනු ලබනවා.

ඉතින් මේ සේවාව ජංගම දුරකථන හරහා භාවිතා කරන්නන් හට Google Image Search result එක ලබා ගත් වෙබ් අඩවිය ඉතා පහසුවෙන් බලාගැනීමට හැකියාව ලබාදෙන Swipe to Visit නමින් හැදින්වෙන නව පහසුකමක් හඳුන්වා දීමට Google සමාගම මේ වන විට කටයුතු කර තිබෙනවා.

මෙම පහසුකම හරහා තමන්ට ලැබුණු Google Image Search result එකෙහි පින්තූරයක් මත tap කළ විට, ඊට පහළින් අදාල පින්තූරය ලබා ගත් වෙබ් අඩවියේ AMP version එකක් දැක ගැනීමටත් එය ඉහළට Swipe කිරීම මගින් අදාල වෙබ් අඩවියේ සම්පූර්ණ AMP Page එක ලබාගැනීමටත් හැකියාව පවතිනවා.

ඔබට මතක ඇති Accelerated Mobile Pages එහෙමත් නැතිනම් AMP⚡ ගැන අප විසින් TechRoom ලිපියක් මගින් ඔබව දැනුවත් කරන්නට කටයුතු කළා. මේ අවස්ථාවේදී මූලික වශයෙන් භාවිතා කරනු ලබන්නේ අන්න ඒ ලිපියේ කතා කරපු AMP කියන තාක්ෂණයම තමයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිල Google වෙබ් අඩවිය හා XDA Developer වෙබ් අඩවිය භාවිතා කරන්න පුලුවන්