පසුගිය July 26 වනදා Microsoft සමාගම විසින් Windows 10 20H1 Test build Version එක නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ සමගින් මෙතෙක් Windows 10 හි Search පහසුකම සමඟින් අන්තර්ගත කර තිබූ Cortana වෙනුවට, එය වෙනම User Interface එකක් සමගින් chat කරන (conversational) ආකාරයට Commands ලබා දෙමින් හැසිරවිය හැකි වැඩිදියුණු කරන ලද සංස්කරණක් ලෙස Windows Insiders ලා හට නිකුත් කර තිබුනා.

මේ අලුත් Cortana App එක හරහා බොහෝ දෙනෙක් කැමති Bing answers, Assistant conversations, Apps විවෘත කිරීම, lists සකසා ගැනීම වගේම Alarms, Reminders හා Timers වැනි දෑ සකස් කිරීමටත් හැකියාව ලැබෙනවා.

Windows හි Insider ප්‍රධානියෙකු වන Donar Sarker විසින් Windows නිල Blog පිටුවේ මේ පිළිබදව හදුන්ව‍ා දෙමින් කියා සිටියේ මීට පෙර තිබුණු Cortana හි සියලු අංග තවමත් මේ අලුත් සංස්කරණයට ඇතුළත්ව නැතත් ඒවා ඉක්මනින්ම එකතු කිරිමට කටයුතු කරන බවයි.

ඉතින් මේ අලුත්ම Cortana සංස්කරණය දැන් නවතම Fast Ring preview of Windows 10 හරහා Windows Insiders හට ලබාගැනීමට හැකියාවක් පවතින අතර 2020 වසරේ මුල් භාගය වන විට මෙම පහසුකම සියලූම Windows භාවිතා කරන්නන් හට ලබා දීමට Microsoft සමාගම බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ලැබෙනවා.

මේ පිළිබද වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Windows Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.