ඔයා mobile phone එක භාවිතා කරලා Google search එකක් කරනකොට බොහෝ වෙලාවට දැකලා ඇති සමහර link වලට ඉදිරියෙන් ⚡ මෙන්න මේ ලකුණ පෙන්වලා තියනවා.

ඒ වගේම ඒ link එකක් මත click කරන ‍පමාවෙන්ම අදාල වෙබ් පිටුව සම්පූර්ණයෙන්ම වගේ load වීමකින් තොරව පෙන්වීමට ඔවුන් කටයුතු කරන බවත් අත්දැකීමෙන් දන්නවා ඇති.

Google Search එකේ AMP පෙන්වන ආකාරය

ඉතින් මෙන්න මේ තාක්ෂණය තමයි Accelerated Mobile Pages, එහෙමත් නැතිනම් AMP කියලා හඳුන්වන්නේ. මේ ව්‍යාපෘතිය Google සමාගමෙන් ආරම්භ කරන ලද තවත් open source library එකක් වගේම සිය ගණනක් තවත් තාක්ෂණික ආයතන හා මේ වන විට පවතින ප්‍රධාන web browser සියල්ලක්ම පාහේ මෙයට සහාය දක්වනවා.

Supported Browsers

සාමාන්‍යයෙන් අපි වෙබ් අඩවියක් නිර්මාණය කරන විට එහි front-end එක ගොඩනැගීම සඳහා ප්‍රධාන වශයෙන් HTML සහ JavaScript කියන languages 2 භාවිතා කරනවා. ඉතින් මේ languages 2 හරහා කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය අසීමිතයි. ඒ නිසාම ගොඩක් වෙලාවට ‍පොඩි දෙයක් පෙන්වන්න විශාල code ප්‍රමාණයක් භාවිතා කරලා නොයෙක් හැඩ වැඩ දාලා ඉදිරිපත් කරන්න ගොඩක් වෙබ් අඩවි කටයුතු කරලා තියනවා.

ඉතින් වැඩි code ප්‍රමාණයක් load වෙන්න වැඩි bandwidth එකක් (data ප්‍රමාණයක්) ඕනි වගේම ඒවා execute වෙන්න වැඩි processing power එකකුත් අවශ්‍යය වෙන නිසා මේ හැඩ වැඩ වැඩි වෙන්න වෙන්න, මේ web page එක load වෙන්න යන වෙලාව වැඩි වෙනවා.

මේ ගැටළුව මගහරවන්න තමයි Google සමාගම මූලික වෙලා මේ AMP ව්‍යාපෘතිය ආරම්භ කරන්න කටයුතු කරලා තියෙන්නේ.


මේ හරහා HTML, JS කියන languages වලින් performance වලට බළපාන ගොඩක් දේවල් ඉවත් කරලා ඒ වෙනුවට ප්‍රධානම tags සහ ප්‍රධානම functionalities පමණක් ඉටු කරගන්න අවශ්‍යය වෙන අලුත් tags කිහිපයක් සමඟින් බරින් අඩු, සරළ විදිහට මේ AMP library එක සකස්කරලා තියනවා.

කොහොම වුණත් ඔයා මේ AMP හරහා පෙන්වන page එකකට ගිහින් බැලුවොත් පේනවා AMP පිටුව, ඒ පිටුවේම සාමාන්‍යය පිටුවට වඩා ගොඩක් වෙනස් බව. ඒ කියන්නේ මේ AMP හරහා පෙන්වන පිටුවේ ගොඩක් හැඩ වැඩ ඉවත් කරලා සරළ විදිහට තිබෙන බව දැකගන්න පුළුවන් වේවි.

AMP වන සහ AMP නොවන වෙබ් පිටුවක් අතර ඇති ‍සාමාන්‍යය වෙනස

ඉතින් සාමාන්‍යය වෙබ් පිටුවට වඩා ගොඩක් අඩු resources (සම්පත්) ප්‍රමාණයක් භාවිතා කරන නිසාම මේ AMP හරහා පෙන්වන වෙබ් පිටු ඉතාමත් ඉක්මණින් වගේම අඩු data ප්‍රමාණයක් භාවිතා කරමින් ඕනෑම ජංගම දුරකථනයක දර්ශනය කිරීමට හැකියාව ලැබෙනවා.


මේ AMP එහෙමත් නැතිනම් Accelerated Mobile Pages මේ තරම් speed වෙන්න එකම හේතුව ඒ විතරක් නෙවෙයි. අපි වෙබ් අඩවියක් නිර්මාණය කරන විට ඒ හැම page එකකම අදාල වෙබ් පිටුවේ AMP version එකට link එකක් එකතු කරනවා.

Google වගේ search engine වලින් අපි හැමෝගෙම වෙබ් අඩවි scan (crawl) කරලා බලලා එයාලගේ database වල අපේ වෙබ් අඩවි ගැන තොරතුරු සටහන් කරගන්න බව ඔයාලා හැමෝම දන්නවා ඇති. ඒ විදිහට තමයි search engines වැඩ කරන්නේ.

ඉතින් අන්න ඒ process එකේදි, මේ වගේ AMP link එකක් එයාලා දැකපු ගමන්, මේ link එක හරහා ගිහින් ඊට අදාල පිටුව සම්පූර්ණයෙන්ම copy කරගෙන ගිහින Google AMP Cache servers වල ගබඩා කරගන්න ඔවුන් කටයුතු කරනවා.

Google සමාගමට අමතරව මේ දේම CloudFlare ආයතනය විසිනුත් සිදු කරනු ලබනවා. ඒ කියන්නේ Google AMP වගේම CloudFlare AMP කියලා දේකුත් කියනවා.

Techie ලිපි වල AMP links පෙන්වන ආකාරය

Techie - සිංහල App එක හරහා අපේ ලිපි කියවන විට සමහර විට අපි සඳහන් කරලා තිබෙන external link වලත් මේ වගේ AMP ⚡ ලකුණ පෙන්වනවා ඔයා දැකලා ඇති. මෙන්න මේ පහසුකම වැඩ කරන්නේ මම කලින් කියපු CloudFlare AMP කියන සේවාව හරහායි.

මේ AMP Cache servers බොහොම වේගවත්. ඒ වගේම ලෝකය පුරාම මේ විදිහේ servers ගණනාවක මේ දත්ත ගබඩා කරලා තියන නිසා, ඔයා ඉන්න තැනට ළඟම තියන server එකෙන් පුළුවන් ඉක්මණටම අදාල වෙබ් page එක ගෙනැල්ලා දෙන්න මේ network එකට හැකියාව තියනවා.

ඒ වගේ AMP Cache server එකක ගබඩා කරගත්තාට පසුව අපිට ඒ වෙබ් පිටුව මෙන්න මේ වගේ Link එකක් හරහා access කරන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ඔයා Google Search එකේ දකින link එක ඇත්තටම මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව අරගෙන යන්නේ. කොහොම නමුත් මේ ඇත්තටම මේ වෙබ් පිටුව තියන server එක නම් නෙවෙයි කියලා ඔයාට තේරෙනවා ඇති.

https://www.google.lk/amp/s/technews.lk/essential-phone-will-no-longer-be-sold-by-the-company/amp/
Techie - සිංහල App එකේ Settings screen එක

ඒ වගේම ඔයා දැකලා ඇති අපේ Android App එකේ Settings වල මේ Google AMP Cache පහසුකම enable කිරීමේ හැකියාව ලබා දීලා තිබෙන බව වගේම මේ Google AMP කියන්නේ මොකක්ද සහ ඒ හරහා loading time එක වගේම තමන්ගේ data ප්‍රමාණය ඉතුරු වෙන විදිහ ගැනත් හොඳ අවබෝධයක් ඔයාට ලැබෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා.

සමහර විට මේ AMP ගැන මීට වඩා දේවල් ඔයා දන්නවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා දන්න කරුණු තියනවා නම් හෝ මේ ගැන ප්‍රශ්න තියනවා නම් ඒ ගැන අපේ Community එකට ඇවිත් කියන්නත් අමතක කරන්න එපා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ AMP Project වෙබ් අඩවිය භාවිතා කළ හැක.