Google සමාගම විසින් පසුගිය වසර පුරා විවිධ apps ගණනාවකට dark theme පහසුකම ලබාදීමට කටයුතු කළ අතර, මේ වන විට Google Home App එක සඳහාද 2.27 සංස්කරණය හරහා dark theme එක සහ තවත් නව අංග කිහිපයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Unified Nest camera page

Google Home 2.27 සංස්කරණය මඟින් ලබා දී ඇති වඩාත් ප්‍රයෝජනවත් අංගයක් වන්නේ ඔබ භාවිතා කරනා සියලුම Google Nest උපාංග හරහා පටිගත වන දත්ත Unified Nest camera page එක මඟින් එකවර නැරඹීමට හා පාලනය කිරීමට හැකියාව ලබාදීම වන අතර මෙය Nest app එක මඟින් පරිශීලකයන් හට ලැබෙන සේවාවට බෙහෙවින් සමාන වෙනවා.

Unlock Nest smart locks

Google සමාගම විසින් Fred Armisen නම් ඇමරිකානු රංගන ශිල්පියා යොදාගෙන නිපදවා ඇති හාස්‍යයජනක විඩියෝවක පෙන්නුම් කරන පරිදි ඔහුගේ Android දුරකථනය භාවිතා කරමින් Nest x Yale අගුළු විවෘත කරනු ලබනවා.

9to5google වෙබ් අඩවියේ සඳහන් කරන පරිදි iOS App එක සඳහා නිකුත් කර ඇති Google Home 2.27 සංස්කරණය මඟින් ඉහත video පටයේ මෙන් Nest x Yale අගුළු විවෘත කිරීමට හැකියාව ලබාදී ඇති අතර තවමත් මෙම පහසුකම Android දුරකථන මගින් භාවිතා කළ නොහැකි නමුත්, ඉතාමත් ඉක්මණින් Android පරිශීලකයින් හට ද මෙය ලබාදෙනු ඇත.

Dark theme

මීට අමතරව, Google සමාගම විසින් Google Home සඳහා dark theme එක්කර ඇති අතර එය Android system-wide dark mode එක සමඟ sync වන බැවින් විශේෂයෙන් enable හෝ disable කිරීමේ අවශ්‍යයතාවයක් පැන නගින්නේ නැහැ.

මේ හරහා Settings, media controller ඇතුළු Google Home App එකෙහි සෑම කොටසකටම dark theme එක ලබාදී ඇති බව Android Police වෙබ් අඩවිය මඟින් සඳහන් කරයි.

Expanded Android 11 Device Controls support

Android Police වෙබ් අඩවිය වාර්ථා කර ඇති පරිදි Google Home 2.27 සංස්කරණය මඟින් පරීශිලකයන් හට Android 11 වල power menu එක සඳහා එක්කර හැකි උපාංග වර්ග වැඩි කර ති‍බෙන අතර දැන්, Google Assistant හෝ Chromecast built-in ඇති speaker සහ smart displays ද power menu එක සඳහා එක්කර ගත හැකි වෙනවා.

Google Home 2.27 සංස්කරණය මේ වන විට Google Play Store එකට එකතු කර ඇති අතර ඔබට අවශ්‍ය නම් APK Mirror වෙබ් අඩවිය හරහාද APK එක download කර ගැනීමට හැකියාව පවතිනවා.

Google Home - Apps on Google Play
Set up, manage, and control your Google Home, Google Nest, and Chromecast devices, plus thousands of connected home products like lights, cameras, thermostats, and more – all from the Google Home app. One view of your home.The Home tab gives you shortcuts for the things you do most, like playing m…
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය 1,2,3 සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.