පසුගිය දින වල Xiaomi සමාගම විසින් ඔවුන්ගේ default web browser එක භාවිතා කරමින් පරිශීලකයින්ගේ දත්ත ලබාගනු ලැබූ බවට චෝදනා එල්ල වූ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

සිය Default Browser එක භාවිතා කරන්නන්ගේ Browsing Data ලබා ගන්නා බවට Xiaomi සමාගමට චෝදනා එල්ල වෙයි
Forbs සඟරාව සමඟ වැඩකරන Gabriel Cirlig නම් ආරක්ෂක පර්යේෂකයෙක් විසින් Xiaomi සමාගමසිය Default Browser එක මගින් පරිශීලකයන්ගේ browsing දත්ත ලබා ගන්නා බවත් ඒවා තෙවනපාර්ශ්වයකට යවන බවත් චෝදනා එල්ල කර සිටිනවා. මෙහි හාස්‍යජනක කරුණ නම් Browser එකේ ඇති භාවිත කරන්නන්ගේ පුද්ගලිකත්වයට,විශේෂයෙන්ම ඔවුන්ගෙ brows…

ඔන්න දැන්, Google සමාගමටත් මීට තරමක් දුරට සමාන ආකාරයේ චෝදනාවක් එල්ල වී තිබෙන බව වාර්ථා වන අතර, Incognito mode භාවිතා කරන විටදී පවා අදාල පරිශීලකයන්ගේ දත්ත එක්රැස් කරන ලදැයි ප්‍රකාශ කරමින් ඩොලර් බිලියන 5 ක පමණ වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනු කර ඇතයි වාර්ථා වේ.

Reuters Web අඩවිය වාර්ථා කර අන්දමට කැලිෆෝනියාවේ San Jose උසාවියෙහි මෙම නඩුව ගොනු කර ඇති අතර “පරිගණකයක් හෝ දුරකථනයක් ඇති සෑම ඇමරිකානුවෙකුගෙන්ම පාහේ රහසිගත හා අනවසර ලෙස දත්ත එක්රැස් කිරීමෙහි නිරත විය නොහැක” යනුවෙන් පැමිණිල්ලේ සඳහන්ව ඇති බව වාර්ථා වේ.

Google Ad Manager, Google Analytics වැනි සේවාවන් හරහා Incognito mode එක භාවිතා කරනු ලබන අතරතුරදීත් personal information, shopping information වැනි sensitive දත්ත, Google සමාගම විසින් එකතු කරන බව මෙහි ඇති ප්‍රධාන චෝදනාව වෙනවා.

කොහොම නමුත් මේ ආකාරයෙන් එකතු කරනු ලබන දත්ත anonymous ලෙස එකතු කරනු ලබන නිසාවෙන් අදාල පුද්ගලයා සමඟ සෘජුවම සම්බන්ධ නොවුනත්, එම search patter එක සහ මීට පෙර search කළ තොරතුරු භාවිතා කරමින් අදාල පරිශීලකයා හඳුනාගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Google Chrome වල ඇති Incognito mode එක භාවිතා කරන විට ඒ හරහා සිදු කරනු ලබන ක්‍රියාකාරකම් අදාල වෙබ් අඩවි වලට, වැඩ කරන ස්ථානය හෝ පාසලක් නම් එහි බළධරයින් හට මෙන්ම අන්තර්ජාල ‍සේවා සපයන්නන් හට දර්ශනය විය හැකි බව සඳහන් කර තිබුණත්, වෙනත් 3rd party company එකක් පිළිබඳව මෙහි සඳහනක් නොවන බැවින්, මේ හරහා ගැලවීමේ හැකියාව ද නොමැති බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම නඩුව ඉදිරිපත් කර පුද්ගලයා විසින් අගතියට පත් සෑම පරිශීලකයෙකු හටම අවම වශයෙන් ඩොලර් 5,000 ක වන්දියක් අපේක්ෂා කරනු ලබන අතර සම්පූර්ණ ඩොලර් බිලියන 5ක නඩුව 2016 ජුනි මස 1 වන දින සිට අන්තර්ජාලය භාවිතා කළ මිලියන ගණනක් වූ පරිශීලකයින් අතර බෙදී යනු ඇත.

Android නිසා Google සමාගමට ආසන්න වශයෙන් ඩොලර් බිලියන 5 ක දඩයක්
Android කියන්නේ open source software එකක් වුණත් මෑත කාලීනව ක්‍රමයෙන් Googleසමාගම ඔවුන්ගේ Google Play Services ඇතුළු මෘදුකාංග බන්ඩලයක් චීනයෙහි විකුණනAndroid ජංගම දුරකථන හැරුණු කොට සෑම Android ජංගම දුරකථන නිෂ්පාදකයෙකු හරහා ම පාහේමෙහෙයුම් පද්ධතියට ඇතුලත් කරවීමට කටයුතු කර තිබෙනවා. මෙම මෘදුකාංග බන්ඩල…
Adsense වල නීති නිසාවෙන් Google සමාගමට යූරෝ බිලියන 1.49ක දඩයකට යටත් වීමට සිදු වෙයි
පසුගිය වසරේ Android නිසාවෙන් Google සමාගමට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ වූ දඩමුදලකට යටත් වීමට සිදු වුණු බව[/android-nisaa-google-smaagmtt-aasnn-vshyen-ddolr-biliyn-5-k-dddyk/] ඔබවදැනුවත් කළා මතක ඇති. ඔන්න දැන් නැවතත් යුරෝපා කොමිසම හමුවේ, Google සමාගමට යුරෝ බිලියන 1.49ක, එනම්ආසන්න වශයෙන් ඇමරිකා…

කෙසේ වෙතත් මෙවැනි චෝදනාවන් වලට Google සමාගම මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙය නොවන අතර එය බොහෝ විට අවසාන අවස්ථාවද නොවනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Reuters වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.