පසුගිය දිනක යුරෝපා හවුල විසින් Google සමාගමට එරෙහිව ඩොලර් බිලියන 5ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට කටයුතු කළ බව අපි මීට කලින් ලිපියකින් සඳහන් කළා මතක ඇති.

ඉතින් ඔවුන් විසින් ගන්නා ලද තීරණය පිළිබඳව අදහස් දක්වමින් Google සමාගමේ ප්‍රතිවාදියෙකු වන DuckDuckGo සමාගම පවසා සිටින්නේ Google සමාගමේ මෙම anti-conpetitive ක්‍රියා පටිපාටිය Android වලින් නොනැවතී එයිනුත් ඔබ්බට විහිදෙන බවයි.

ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා වාර්ථාවක් තබමින් වැඩි දුරටත් ඔවුන් පවසා සිටියේ Google Chrome Browser එක වැනි අනෙකුත් Google නිෂ්පාදන වලත් මෙවැනි anti-competitive ලක්ෂණ පෙන්නුම් කරන බවයි. උදාහරණයක් ලෙස Chrome browser එකෙහි extenstion එකක් update කරන සෑම අවස්ථාවකදීම search settings නැවත සකස් කිරීමට සහ එම extention එක සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කරවීමට අවශ්‍යයදැයි user ගෙන් අසන බව ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව duck.com යන domain name එක 2011 වර්ශයේ සිට Google සමාගම විසින් මිලට ගෙන එයට එන users ලා පිරිස google.com වෙතට හරවා යැවීමට කටයුතු කරන බවත් මේ මගින් DuckDuckGo බාවිතා කරන්නන් හට වැරදි වැටහීමක් ලැබෙන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.