මීට පෙර කිහිප වතාවකම අපි Starlink Internet Service එක සහ එහි අලුත් developments ගැන ලිපි ගණනාවකින් ඔබව දැනුවත් කළා මතක ඇති.

Starlink ව්‍යාපෘතියේ මූලික beta පරීක්ෂණ වලදී 100Mbps දක්වා වූ අන්තර්ජාල වේගයක් ලබාගැනීමට SpaceX සමාගම සමත් වෙයි
Starlink යනු Elon Musk සතු SpaceX සමාගම විසින් නිර්මාණය කරන ලද satellite networkඑකක් වන අතර satellite තාක්ෂණය ඔස්සේ සමස්ත ලෝකයටම අඩු මිලට අන්තර්ජාල පහසුකම්ලබාදීම මෙහි අරමුණ වෙනවා. මෙම network එකට අයත් satellites 700ක් පමණ මේ වන විට පහල පෘථිවි කක්ෂයේ ස්ථානගතකරඇති අතර [/spacex-test-fires-rocket-f…

මේ අතර Twitter පරිශීලකයෙකු වන Anton Kanerva විසින් කරන ලද tweet එකකට පිළිතුරු දෙමින් Elon Musk විසින් සනාථ කර ඇති අන්දමට, නිවසේ සිට මෙන්ම වේගයෙන් ගමන් කරන වාහනයක සිට වුවද Starlink Internet Service එක access කළ හැකි බව වාර්තා වෙනවා.

Anton Kanerva ප්‍රශ්න කර ඇත්තේ නිවසේ දී ස්ථාවරව Starlink satellite dish එකක් පිහිටුවා ඇති විට ක්‍රියාකරන්නක් මෙන් දුම්රියක් වැනි high speed moving objects වල සවිකලහොත් එය ක්‍රියාත්මක වනු ඇත්ද යන්නයි.

මේ අනුව පෙනී යන කාරණාව වන්නේ පෘථිවියේ සිට 550km පමණ දුරකින් කක්ෂගත කර ඇති මෙම Satellites වලට සාපේක්ෂව ගත් කළ සාමාන්‍යය වේගයෙන් ගමන් කරන දුම්රියක් වැනි දෙයකට වුවත් නිවැරදිව සම්බන්ධතාවය ලබාදිය හැකි බව වාර්තා වෙනවා.

පරිශීලකයා සිටින ස්ථානය කුමක් වුවද starlink satellite dish එක බාධක රහිතව ස්ථාන ගත කර නිවැරදි power supply එකක් ලබාදීම හරහා මෙම අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙම තාක්ෂණය නිසා අතිශය දුෂ්කර ප්‍රදේශයන්හි සිටින ජනතාවට අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා ලබා ගැනීමට හැකිවනු ඇති අතර, මේ වන විට වාර්තාවලට අනුව Starlink සේවාව මගින් 30ms පමණ වූ latency එකක් සහිතව 100 Mbps internet connection එකක් ලබාගැනීමේ හැකියාව පවතිනවා. (මෙම වේගය ලංකාවේ FTTH (fiber to home සම්බන්ධතාවක වේගයට සමාන වේ.)

Starlink අභ්‍යවකාශ අන්තර්ජාල සේවාව මහජන භාවිතයට සූදානම් බව Elon musk මහතා ප්‍රකාශ කරයි
SpaceX ආයතනයේ Starlink ව්‍යාපෘතිය පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවකදීම අපි ඔබවදැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. Starlink ව්‍යාපෘතියේ මූලික beta පරීක්ෂණ වලදී 100Mbps දක්වා වූ අන්තර්ජාල වේගයක්ලබාගැනීමට SpaceX සමාගම සමත් වෙයිStarlink යනු Elon Musk සතු SpaceX සමාගම විසින්නිර්මාණය කරන ලද satellite netwo…

එමෙන්ම උතුරු ඇමෙරිකාවට සහ දකුණු කැනඩාව ආශ්‍රිත ප්‍රදේශ වලට නුදුරේදීම මෙහි public beta සංස්කරණය ලබාදීමට නියමිත වන බව ද වාර්තා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා PCMag වෙබ් අඩවිය සහ TechTimes වෙබ් අඩවිය භාවිතා කළ හැක.