Google Classroom කියන්නේ මේ වෙනකොට අන්තර්ජාලයෙන් ඉගෙනගන්න, ඒ වගේම උගන්වන්න ⁣පුලුවන් හොද platform එකක්.

ඉතින් මේ Google Classroom කියන Platform එක Google සමාගම විසින් හදුන්වා දුන්නේ 2014 වර්ෂයේදී පමණ වුණත් මේ වන විට අනෙකුත් e-learning platform වලට වැඩියෙන් Google classroom එක ඉතාමත් දියුණු වගේම බොහොම ජනප්‍රිය තත්වයකට පත්වෙලා තියෙනවා.

ඉතින් මේ නිසාම Google සමාගම මේ platform එකට අළුත් පෙනුමක් එකතු කරන්න කටයුතු කරලා තියනවා වගේම, ගුරුවරුන් සඳහා ඉතාමත් වටින අළුත් features කිහිපයක් එකතු කිරීමටත් කටයුතු කරලා තියනවා.

EDU_Introducing_Classwork_tech-news-sinhala

බොහෝ වෙලාවට ශිෂ්‍යයන් බොහෝ දෙනෙකු විසින් එකම වැරැද්ද කිරීමට ප්‍රවණතාවයක් තිබෙන අතර e-learning වලදී මෙන්ම සාමාන්‍යය ඉගැන්වීම් ක්‍රියාවලියකදී වුවත් ගුරුවරයාට පිළිතුරු එකිනෙක පරීක්ෂා කර අදාල ප්‍රතිචාරය ලබා දියයුතු වෙනවා. ඉතින් මේ අලුත් update එකෙන් පුලුවන් ගුරුවරුන් හට comment bank එකක් නිර්මාණය කරගන්න.

ඒ කියන්නෙ එයාලට පුලුවන් ඒ වැරද්ද නිවැරදි කරන පිළිවෙල වගේම ඒකට අදාල ප්‍රතිචාරය කලින්ම සකස් කරලා save කරලා තියාගන්න. ඉන් පසුව යම් සිසුවෙකු කරනු ලබන වැරැද්ද අනුව ඒ comment bank එකෙන් එයට අදාල ප්‍රතිචාරය තෝරා දීමට ගුරුවරයාට අවස්ථාව ලැබෙනවා.

මීට අමතරව මේ වෙනකොට ගුරුවරුන් හට මේ සේවාවන් භාවිතා කරන ආකාරය හා ලබාදෙන ආකාරය ගැන පුහුණුවක් ලබා ගන්න පුළුවන් විදිහේ 'training matirials ' පාවිච්චි කරන්නත් හැකියාව ලබා දෙන්නට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අලුත් update හරහා Assignment වැනි දේවල් කළමනාකරණය කරගැනීමට හැකියාව ඇති Classwork නම් වූ page එකක් හඳුන්වාදීමට Google සමාගම කටයුතු කර තිබෙනවා. මේ අනුව යම්කිසි assignment එකක් modules සහ units වලට වෙන් කර නිර්මාණය කරගැනීමට අවස්ථාව ලැබෙනවා.

EDU_Introducing_Classwork_tech-news-sinhala

Digital well-being කියන්නේ මේ දවස් වල Google products හැම එකකටම වගේ එකතු වෙන අංගයක් වෙලා. ඉතින් මේ Google Classroom එකටත් මේවා හඳුන්වාදෙන්න මොවුන් කටයුතු කරලා තියනවා. මේ හරහා අනවශ්‍යය විදිහට Classroom වල පැතිරෙන notification mute කරන්නත් දැන් Google classroom හරහා පහසුකම ලබා දීලා තියෙනවා.

Google සමාගම ප්‍රකාශ කරන ආකාරයට මේ Google Classroom ආරම්භයේ පටන් මේ දක්වා නිකුත් කළ විශාලම update එක මෙය වෙන අතර මේ අළුත් update එක පසුගිය අගෝස්තු 7 වැනිදා සිට භාවිතා කරන්නන් හට නිකුත් කිරීමට පටන්ගෙන තිබෙනවා.