ඔයා Android smartphone එකක් භාවිතා කරනවා නම් Android Beam පහසුකම ගැන මීට කලින් අහලා එහෙමත් නැතිනම් භාවිතා කරලා ඇති.

NFC හරහා payment සිදු කිරීම ලංකාවේ අපිට නම් තරමක් අමුතු දෙයක් වුණත් NFC හරහා මේ Android Beam පහසුකම භාවිතා කරමින් කුඩා files transfer කරගැනීමට බොහෝ වෙලාවට අපි උත්සාහ කරලා තියනවා.

Android 4.1 වල සිට මේ පහසුකම Android මෙහෙයුම් පද්ධතියට එකතු කර තිබුණු මේ Android Beam පහසුකම නවතා දැමීමට Google සමාගම මේ වන විට තීරණක කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ තාක්ෂණය හරහා සාමාන්‍යය file transfer කිරීමක් සඳහා ප්‍රමාණවත් speed එකක් ලබාගත නොහැකි නමුත් මේ හරහා අදාල file එක transfer කිරීමට අවශ්‍යය devices වල file transfer කළ හැකි මාධ්‍යය (Bluetooth හෝ WiFi Direct) සඳහා මුලපිරීමේ කටයුතු සිදු කර දෙනු ලබනවා.

කොහොම වුණත් මේ තාක්ෂණය එතරම් ජනප්‍රිය වූ බවක් නම් පෙනෙන්නට නොතිබුණු අතර file transfer කිරීමට මේ වන විට ඉතාමත් පහසු ආකාරයේ apps ඕනෑ තරම් තිබෙනවා.

කොහොම වුණත් මේ Android Beam පහසුකම Android මෙහෙයුම් පද්ධතියෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට Google සමාගම කටයුතු නොකරන අතර android.sofware.nfc.beam නමින් platform feature එකක් ලෙස නිකුත් කිරීමට ඔවුන් කටයුතු කරනවා.

ඒ අනුව මේ Android Beam පහසුකම default ලෙසම enable වී නොතිබෙන අතර ජංගම දුරකථන නිෂ්පාදකයන්ගේ රුචි/අරුචිකම් අනුව එය enable හෝ disable කිරීමට අවස්ථාව ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා AOSP Project එක‍ේ මේ පිළිබඳ විස්තර ඇතුලත් පිටුව භාවිතා කළ හැක.