අපි ගොඩක් වෙලාවට දවස පුරාම කරන්න තියන දේවල් හැම එකක්ම වගේ මතකයේ තියාගෙන ඉන්න උත්සාහ කරනවා. නමුත් මේ හැම දෙයක්ම අපිට අදාල වෙලාවට, අදාල තැනදි මතක් කරන්න කෙනෙක් ඉන්නවා නම් කොයි තරම් හොඳද?

ඉතින් Google Assistant app එකේ අළුත්ම update එකත් එක්ක ඔයාගේ දවස පිළිබඳව pro-active විස්තරයක් ඉදිරිපත් කරන්නට Google Assistant ට දැන් පුළුවන් වෙලා තියනවා.

proactive-google-assistant-tech-news-sinhala

අළුත් update එකත් එක්ක ඔයා Google Assistant app එක open කරනවත් එක්කම ඔයා ඉන්න තැන, වෙලාව වගේම ඔයා අන්තිමට කරපු කියපු දේවල් වලට අනුව ඔයාට ඒ වෙලාවේදී වැදගත් වෙයි කියලා හිතන විදිහේ දේවල් ටිකක් පෙන්වන්න Google assistant කටයුතු කරනවා.

pro-active-google-assistant-tech-news-sinhala

මේ අතරින් ඔයා යන එන වෙලාවන් වලට මුල් තැනක් දෙන්න Google සමාගම කටයුතු කරලා තියනවා. උදාහරණයක් වශයෙන් ඔයා උදේ වැඩට යන්න ලෑස්ති වෙමින් ඉන්නවා නම්, මේ වෙලාවේ ඔයා office එකට යන පාරේ traffic condition එක ඔයාට පෙන්වන්න මේ Google Assistant කටයුතු කරනවා.

pro-active-google-assistant-tips-tech-news-sinhala

ඒ වගේම දවස පුරාවට ඔයාට තියන schedules අනුව එහෙමත් නැතිනම් ඔයාට ගෙවන්න තියෙන bills පිළිබඳව වගේ වැදගත් වෙන දේවල් විශේෂ notifications මගින් මතක් කරන්නත් දැන් මේ Google Assistant ට පුළුවන්. මේ අළුත් update එක Android වගේම iOS devices වලටත් ලබා දෙන්න Google සමාගම කටයුතු කරලා තියනවා.