2018 වර්ෂයේ පැවති Google I/O event එක අතරතුරදී Google Assistant app එකට අලුතින් කටහඬවල් කිහිපයක් එකතු කිරීමට කටයුතු කරනු ලබන බව Google සමාගම ප්‍රකාශ කළා මතක ඇති.

ඒ අතරට ප්‍රසිද්ධ ගායකයෙකු වන John Legend ගේ කටහඬත් එකතු කිරීමට බළාපොරොත්තු වන බව ඔවුන් ප්‍රකාශ කලත්, මේ වන තුරු එම කටහඬ භාවිතා කිරීමේ හැකියාව ලබා දීමට නම් Google සමාගම කටයුතු කලේ නැති බව ඔබ දකින්නට ඇති.

කොහොම වුණත් ඔන්න දැන්, මේ කටහඬ Google Assistant වලට එකතු කිරීමට Google සමාගම කටයුතු කර තිබෙන අතර “Hey, Google, talk like a Legend” යනුවෙන් පැවසූ විට එම කටහඬට මාරු වීමේ පහසුකමක් ද නිකුත් කර තිබෙනවා.

කොහොම වුණත් මෙම පහසුකම තවමත් English භාශාව තෝරාගෙන ඇති devices වලට පමණක් සීමා කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මේ හරහා විශේෂිත ප්‍රශ්න කිහිපයකට පමණක් මොහුගේ කටහඬින් පිළිතුරු ලබා දෙන අතර අනෙකුත් ප්‍රශ්න සඳහා සාමාන්‍යය Assistant Voice එක භාවිතා කෙරෙනු ඇති බව මොවුන් වැඩිදුරටත් සඳහන් කරනවා.

Google සමාගමේ WaveNet නම් වූ ව්‍යාපෘතිය හරහා මිනිස් කටහඬ සහ කතා කරන ආකාරය හඳුනාගෙන එයින් model එකක් නිර්මාණය කර, ඒ හරහා සත්‍යාසන්න ලෙස අදාළ කටහඬ භාවිතා කිරීමේ හැකියාව ලබා දෙනවා.

කොහොම වුණත් සියළුම ප්‍රශ්ණ සඳහා මේ ආකාරයෙන් නිර්මාණය කළ voice model එක භාවිතා නොකරමින්, තෝරාගත් ප්‍රශ්න වලට පමණක් ‍අදාල කටහඬ භාවිතා කිරීමෙන් පෙනී යන්නේ තවමත් මෙම තාක්ෂණය stable නොමැති බවක් මෙන්ම, මෙවර Google I/O event එකට පෙර, කලින් I/O event එක අතරතුර ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට ගත් උත්සාහයක් ලෙසත් දැකිය හැකි වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.