Facebook සමාගම විසින් මිලියන 600ක පමණ පරිශීලක දත්ත, Password ද ඇතුළුව plain text ආකාරයෙන් ගබඩා කර තිබූ බව පසුගිය මාර්තු මාසයේ 22 වැනිදා අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook පරිශීලකයන්ට නැවතත් තම ගිණුම් වල ආරක්ෂාව සම්බන්ධයෙන් දෙවරක් සිතීමට කාලය එළැඹීලා තිබෙන බව පෙනෙනවා.

බිලියන භාගයකට අධික ප්‍රමාණයක ෆේස්බුක් ගිණුම් ආනාරක්ෂිත Amazon සර්වරයක තබා තිබියෙදී ඊයේ මධ්‍යම රාත්‍රියේදී සොයාගැනුනා.  Facebook වෙනුවෙන් තෙවන පාර්ශවීය මෘදුකාංග නිර්මාණය කරන මෘදුකාංග සංවර්ධකයන් විසින් Amazon සර්වරයක තබා තිබියෙදී මෙම දත්ත සොයා ගැනුනා.

UpGuard ලෙසින් හදුන්වන සයිබර් ආරක්ෂක සමාගමක් විසින් මෙම තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර මැක්සිකානු සමාගමක් වන Cultura Colectiva හරහා එක් දත්ත ගබඩාවක්ද At the pool ලෙසින් නම් කර තිබෙන තවත් තෙවන පාර්ශවීය මෘදුකාංගයක් හරහා අනෙක් දත්ත ගබඩාවද සොයාගැනුනා.

146 GB පමණ දත්ත ප්‍රමාණයක් මෙම දත්ත ගබඩා දෙකෙහි පවතින අතර එක් එක් පරිශීලකයාගේ comments, likes, reactions, account names, Facebook user IDs වැනි ඉතාමත් වැදගත් දත්ත සහ මුරපද කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයක් අනුගමනය නොකර මෙම දත්ත ගබඩා වල තබා තිබුණා.

මෙහි ඇතුලත් Passwords, Facebook password නොවන අතර අදාල app එක වෙනුවෙන් භාවිතා කළ Passwords බව ඔවුන් විසින් ප්‍රකාශ කර තිබෙනවා. කොහොම නමුත් මෙවැනි App වලදී පරිශීලකයන් විසින් Facebook password එකම අදාල app එකටත් ලබා දීම නිසාවෙන්, මෙහි ඇති භයානක කම එසේම පවතින බව අනුමාන කළ හැකි වෙනවා.

කෙසේ නමුත් මෙම තෙවන පාර්ශවීය මෘදුකාංග හරහා Facebook ගිණුම් වල තොරතුරු වෙනත් පාර්ශව වෙත ලබාදී තිබූ පළමු වාර්ථාගත අවස්ථාව මෙය නොවන අතර මින් පෙර එසේ ගිණුම් මිලියන 87ක් පමණ Cambridge Analytica වෙත ලබාදීමෙන් සිදුවූ අක්‍රමිතාව වෙනුවෙන් ෆේස්බුක් සමාගමට යුරෝ 500,000ක පමණ දඩයකට පවා යටත්වීමට සිදුවුණා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා UpGuard සමාගමේ නිළ Blog එක, The Hacker News වෙබ් අඩවිය, Macrumors වෙබ් අඩවිය හා Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.