WhatsApp Group කියන්නේ බොහෝ වෙලාවට ප්‍රයෝජනවත් දෙයක් වුණත්, ඇතැම් අවස්ථා වලදී අපගේ අනුදැනුමකින් තොරව මේ group වලට add කිරීම නිසාවෙන් අපහසුතාවයට ලක් වෙන අවස්ථාද නැතුවාම නොවේ.

මේ වන තුරු ඕනෑම කෙනෙකුට තවත් පුද්ගලයෙකු තමන් සිටින WhatsApp group එකකට එකතු කිරීමේ හැකියාව තිබුණු අතර, අදාල පුද්ගලයාගේ කැමැත්ත ඇතුව හෝ නැතිව මෙම කටයුත්ත සිදු කිරීමට මෙම පුද්ගලයාට හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් WhatsApp සඳහා අලුතින් හඳුන්වා දුන් update එක හරහා මෙම හැකියාව පාලනය කිරීමට අදාල වන Settings, WhatsApp වෙත එකතු කිරීමට WhatsApp සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව Account > Privacy > Groups හරහා ගොස් තමන්ව Group වලට එකතු කළ හැකි ආකාරය පාළනය කළ හැකි අතර, Everyone, My contacts සහ Nobody යනුවෙන් options 3ක් හඳුන්වා දීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මෙහි Nobody යන option එක තෝරාගතහොත් කිසිවෙකුටත් ඔබට WhatsApp group එකකට ඇතුලත් කළ නොහැකි වන අතර, ඒ වෙනුවට ඔබට private message එකක් හරහා Group invite එකක් යැවීම සඳහා අදාල පුද්ගලයාව යොමු කරනු ලබනවා.

මේ වන විට Android සහ iOS සඳහා වන WhatsApp beta versions වල මෙම පහසුකම දකින්නට ලැබෙන අතර ලබන සතිය වන විට මෙය සාමාන්‍යය පරිශීලකයන් හට ද ලබා දීමට WhatsApp සමාගම තීරණය කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Gadgets 360 වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.