මේ වන විට Smart Speaker ලොව පුරාම ඉතාමත් ජනප්‍රිය උපාංගයක් බවට පත් වෙලා තිබෙන අතර සෑම smartphone එකකම පාහේ ඊට අදාල virtual assistant සේවාවක් ද අන්තර්ගත වී පවතිනවා.

ඉතින් මේ අතරින් හොඳම virtual assistant සේවාව කුමක්දැයි කිසිවෙකු විමසුවහොත් බොහෝ වෙලාවට පිළිතුර තමන් භාවිතා කරනු ලබන virtual assistant ගේ පැත්තට බර කර ලබා දීමට අපි හැමෝම වගේ පෙළඹෙනවා.

කොහොම නමුත් 2018 වර්ෂයේ හොඳම Virtual Assistant සේවාව කුමක්ද යන්න ඇමෙරිකාවේ Loup Ventures ආයතනය විසින් පරීක්ෂණයක් සිදු කර තිබෙන අතර මෙය Google Assistant, Apple Siri, Amazon Alexa සහ Microsoft Cortana යන සේවාවන් හරහා ප්‍රශ්න 800 කට අධික ප්‍රමාණයක් යොදාගෙන සිදු කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

මේ අනුව දෙවන වරටත් 2017 වර්ෂයේදී මෙන්ම 2018 වර්ෂයේදීද මේ Smart Assistant කිරුළ පළඳින්නට Google Assistant සමත් වී තිබෙනවා.

මෙම පරීක්ෂණය local, commerce, navigation, information සහ command යනුවෙන් categories 5ක් යටතේ කොටස් කර තිබෙන අතර සියළුම ප්‍රශ්න අදාල devices හරහා වෙන වෙනම අසා පිළිතුරු සටහන් කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

කොහොම වුණත් මේ වන විට Smart speaker ව්‍යාප්තිය අතින් ගත් කළ Google Home devices අභිබවා smart speaker අතුරින් වැඩිම ප්‍රමාණයක් අලෙවි වී තිබෙන්නේ Amazon සමාගමේ Amazon Echo devices වන අතර මෙය ප්‍රමාණයෙන් ගතහොත් මිලියන 6.3ක් පමණ වෙනවා.

කොහොම නමුත් චීනයේදී තත්ත්වය තරමක් වෙනස් වන අතර එහිදී දකින්නට ලැබෙන්නේ Alibaba සහ‍ Xiaomi සමාගමේ Smart speakers පමණක් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Loup Ventures වෙබ් අඩවිය හා Gadgets 360 වෙබ් අඩවිය භාවිතා කළ හැක.