අප විසින් එදිනෙදා විවිධ අවශයතා සදහා විවිධ Drawing Tools භාවිතා කරනු ලබනවා. ඉතින් ඔන්න දැන් එසේ අමතර Software එකක් භාවිතා නොකර Chrome හරහාම එය සිදු කරගත හැකි පහසුකමක් Google විසින් හදුන්වා දී තිබෙනවා.

Chrome Canvas නමින් හදුන්වන මෙය ඉතාමත්ම සංකීර්ණ ඝනයේ Drawing tool එකක් නම් නෙමෙයි. පැන්සලක්, පෑනක්, අඟුරු, මාකර් එකක් සහ මකනයක් වශයෙන් tools 5 කින් පමණක් සමන්විත මෙය ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතා කළ හැකි වර්ගයේ Drawing Tool එකක් කිව්වොත් නිවැරදියි.

ඉතාමත් සරල interface එකක් සහිතව එන මේ tool එක හරහා ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් චිත්‍රයට නැගීමට අවස්ථාව සැළසෙන අතර මෙහි දී කැමති වර්ණයක් තෝරා ගනිමින් අදාල tools 5 න් කැමති tool එකක් හෝ කිහිපයක් භාවිතයෙන් තමන් කැමති දේ සිතුවමට නැගීමට අවස්ථාව පවතින අතර කැමතිනම් අදාල tools වල size එක හා opacity එක කැමති පරිදි වෙනස් කරගන්නත් අවස්ථාව ලබාදී තිබෙනවා.

ඒ වගේම Chrome Canvas භාවිතයෙන් අදින ලද චිත්‍ර Google Drives තුළ auto ම save වන අතර අන්තරජාල සම්බන්දතාවක් නොමැති අවස්ථාවක පවා ඒවා නැතව බැලීමේ හා edit කිරීමේ හැකියාව හෝ අවශයනම් .png image එකක් ලෙස download කර ගන්නත් පුලුවන්.

ඉතින් මේ පහසුකම Google Chrome වලට පමණක් සීමා නොවන අතරම WebAssembly පහසුකම ඇති ඕනෑම Browser එකක මෙය භාවිතා කරන්න පුලුවන්.

මේ වන විට canvas.apps.chrome යන URL එක භාවිතයෙන් මේ පහසුකම් ඔබටත් අත්හදා බැලිමට හැකියාව පවතිනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සදහා Engadget වෙබ් අඩිවිය හා Tech spot වෙබ් අඩිවය භාවිතා කළ හැක.