Google සමාගම විසින් අප්‍රේල් මාසයේ පළමුවැනිදා, එනම් April Fool's Day එක වෙනුවෙන් සෑම වසරකදීම විවිධාකාරයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් සිදු කිරීමට කටයුතු කලත්, 2004 වර්ෂයේ අප්‍රේල් 1 වැනිදා, මුලින්ම Gmail සේවාව එළිදැක්වීමට කටයුතු කළා.

බොහෝ දෙනෙක් මේ එළිදැක්වීම විනෝදය සඳහා පමණක් බව විශ්වාස කලත්, අද වන විට ලොව ප්‍රමුඛතම Email සේවාව බවට පත්වන්නට Gmail සේවාවට හැකියාව ලැබී තිබෙනවා.

ඉතින් අද දිනට යෙදී තිබෙන මේ 15 වැනි anniversary එක සමරමින් Gmail සේවාවට තවත් අලුත් පහසුකමක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ අලුත් පහසුකම හරහා අපට අනාගතයේදී යැවීමට නියමිත email එකක් schedule කර තැබිය හැකි වන අතර, අදාල දිනයේදී එම email එක ස්ව්‍යංක්‍රීයවම send වෙනු ලබනවා.

මේ පහසුකම හඳුන්වාදීමට ප්‍රධාන හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, කාර්යයාල වේලාවෙන් පසුව Email යැවීම නතර කොට, ඊළඟ දිනයේ කාර්යයාල වේලාව පැමිණි පසු අදාල email එක automatically send වන ලෙස සකස් කිරීමේ අවස්ථාව ලබා දීමයි.

මීට අමතරව ඔවුන්ගේ Smart Compose පහසුකමට Spanish, French, Italian සහ Portuguese වශයෙන් තවත් භාශා 4ක් එකතු කිරීමට ද Google සමාගම කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අදාල Email එකේ ලියා ඇති දෙයට අනුකූල වන ලෙස Subject එකක් නිර්මාණය කිරීමට ද මේ අලුත් Smart Compose පහසුකමට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.