GitHub Universe 2022 event එක පසුගිය නොවැම්බර් 11 වැනි දින California, USA හිදී පැවැත්වීමට කටයුතු යෙදුණු අතර මෙහිදී GitHub වලට අලුතින් එකතු වන බොහෝ දේ ගැන තොරතුරු අනාවරණය කරනු ලැබුවා.

GitHub Universe 2022
GitHub conference about cloud, AI, software security, and the open source developer community. Designed for enterprises, start-ups, and security professionals.

ඊට සමගාමීව GitHub Community Sri Lanka කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබුනු GitHub Universe Watch Party event එක පසුගිය 14 වැනි දින Microsoft Sri Lanka හිදී පැවැත්වීමට කටයුතු කෙරුණා. Developers ලා 60කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් event එක පැවැත්වුණු අතර එහිදී virtual සහ physical වශයෙන් sessions කිහිපයක් පැවැත්වුණි.

Scybers ආයතනයේ Cyber Security Senior Lead කෙනෙකු වන Chamath Rathnasekara මහතා විසින්, "Role of GitHub in Cyber Defense" යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් ගෙන එනු ලැබුවා. එහිදී ඔහු සතු අවුරුදු 7කට වැඩි අත්දැකීම් අප හා එක් කර ගැනීමට ඔහු කටයුතු කළ අතර Developer කෙනෙක් වශයෙන් තමන්ගේ ක්‍රියාකාරකම් වලදී සයිබර් ආරක්ෂණ කටයුතු කෙසේ සිදුවිය යුතුද යන්න ඔහු විසින් පැහැදිලි කරන ලදි.

ඉන් අනතුරුව Sysco Labs ආයතනයේ Software Engineer කෙනෙකු සහ ශ්‍රී ලංකාවේ GitHub Campus Expert කෙනෙකු වන Ahamed Safnaj මහතා විසින් GitHub Ecosystem එක පිළිබඳව හඳුන්වාදීමක් සිදු කරනු ලැබුවා. Development Field එකෙහි සියළුම කටයුතු ඉතා පහසුවෙන් හා කාර්යක්ෂමව සිදු කර ගැනීමට GitHub Services භාවිතා කරන්නේ කෙසේද යන්න මෙහෙදී පැහැදිලි කරනු ලැබුවා.

GitHub Campus Expert කෙනෙක් වන Suwin Nimnaka මහතා විසින් GitHub CLI එකෙහි භාවිත පිළිබඳව ඉතා සිත්ඇදගන්නා සුළු අන්දමින් හරවත් දේශනයක් ගෙන එනු ලැබුවා. GUI (Graphical User Interface) එකකට වඩා CLI (Command Iine Interface) එකක් භාවිතා කිරීමේදී කාලය ඉතුරු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී දැනුවත් කිරීමක් සිදු කරනු ලැබුවා.

මේ සඳහා TechNews.LK අප වෙබ් අඩවිය නියෝජනය කිරීමට මා වෙත ආරාධනා කළ, GitHub Community Sri Lanka කණ්ඩායමට බෙහෙවින් ස්තූතිවන්ත වන අතර එහිදී GitHub මඟින් ලබා දෙන සේවා රැසක් පිළිබඳව දැනුම මෙන්ම ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කිරීමේ හැකියාවද ලැබුණි.

වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GCS Facebook පිටුව භාවිතා කළ හැක.