Meta සමාගම විසින් මේ වන විට ඔවුන්ගේ Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය පරිශීලනය කරනු ලබන යොවුන් වියේ පසුවන්නන් සඳහා නව privacy update එකක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

Protecting Teens and Their Privacy on Facebook and Instagram | Meta
We’re creating safe, age-appropriate experiences for teens on Facebook and Instagram.

ඒ අනුව මේ හරහා විවිධ රටවල් වල ජීවත් වන වයස අවුරුදු 16ට අඩු (හෝ ඇතැම් රටවල අවුරුදු 18 ට අඩු) වයස් කාණ්ඩ වල පසුවන සෑම අයෙක්ම අලුතින් Facebook ගිණුමක් නිර්මාණය කල පසුව ඔවුන් වෙත default ලෙස private settings කිහිපයක් ලබාදීමට Meta ආයතනය කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන විටත් facebook app එක භාවිතා කරනු ලබන ළමුන් සහ යොවුන් වියේ පසුවන්නන් සඳහා ඔවුන්ගේ Friend list එක, comment කිරීමට අවසර ලබාදිය යුත්තේ කුමන පිරිසකටද සහ ඔවුන්ව tag කර පළ කර තිබෙන posts manage කිරීම සඳහා ඇති options පිළිබඳව දැනුවත් කරමින් meta සමාගම විසින් Safety tool එක භාවිතා කිරීම සම්බන්ධයෙන් notifications ලබා දෙමින් ඔවුන්ව දිරිමත් කිරීමට කටයුතු කරනු ලැබේ.

එමෙන්ම මීට වසරකට ඉහත දී instagram හරහා ද මෙවැනිම අකාරයකට කුඩා ළමුන් instagram account එකක් සඳහා sign up වීමෙදී default ලෙස private account එකක් ලබාදීමට කටයුතු කරනු ලැබුවා.

මීට අමතරව ඔවුන් විසින් ළමුන් සඳහා පහසුවෙන්ම තමන්ට අවශය වන පරිදි privacy settings වල වෙනස්කම් සිඳු කිරීම සඳහා suggested settings නම් option එකක් ද ලබාදීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම මේ වන විට meta සමාගම විසින් ළමුන් ඇතුළුව යොවුන් වියේ පසුවන්නන්ගේ ආරක්ෂාව සහ හානිදායක photos අන්තර්ජාල ඔස්සේ පැතිරයාම වැළැක්විම සඳහා නව tools සහ ඔවුන් සඳහා පුළුල් අධ්‍යාපනික වැඩසටහන් ලබාදීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවට වාර්ථා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ meta වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.