මීට මාස කිහිපයකට ඉහත දී අක්‍රීය මට්ටමේ පැවති නමුත් iPhone පරිශීලකයන් අතර වඩාත් ජනප්‍රිය වී තිබූ third-party iOS keyboard alternative එකක් වන microsoft SwiftKey සේවාව මේ වනවිට යළි Apple app store වෙත ලබාදීමට microsoft සමාගම විසින් කටයුතු කර තිබෙනවා.

ඒ මීට මාස කිහිපයකට ඉහත දී iOS සඳහා වන SwiftKey සේවාව සඳහා තවදුරටත් සහය ලබා නොදීමෙන් අනතුරුවයි. පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඔවුන් විසින් iOS devices සඳහා වන SwiftKey app එක discontinued කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව Apple app store එක තුළින් ද ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මේ වනවිට ඔවුන් විසින් යළි iOS පරිශීලකයින් වෙත SwiftKey සේවාව ලබාදීමට කටයුතු කර තිබෙන අතර මීට හේතු ලෙස Microsoft සමාගම විසින් අනාවරණය කර තිබෙන්නේ පරිශීලකයන් විසින් ඔවුන් වෙත ලබා දී තිබු feedback සලකා බැලිමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම Microsoft සමාගමේ vice president වරයෙකු මෙන්ම OneNote සහ The office group හි general manager වරයෙකු වන Vishnu Nath විසින් මේ පිළිබඳව සිය twitter ගිණුමේ සටහනක් පළ කරමින් ඔවුන්ගේ SwiftKey සේවාවේ ඉදිරි කටයුතු පිළිබඳ කටයුතු කරමින් සිටින බවට IOS පරිශීලකයන් වෙත දැනුම් දී තිබෙනවා.

SwiftKey සේවාව මුලින් ම Android පරිශීලකයන් අතර ජනප්‍රිය app එකක් වූ අතර පසුව, 2014 වසරේ දි Apple සමාගම විසින් iOS 8 නිකුත් කිරිමත් සමඟ iOS පරිශීලකයන් වෙත ලබා දී තිබු Third-party keyboards install කිරීමේ පහසුකමත් සමඟින් SwiftKey සේවාව iOS පරිශීලකයන් අතරද ජනප්‍රිය වී තිබෙනවා.

කෙසේ වෙතත් 2016 වසරේ දී SwiftKey සේවාව Microsoft සමාගම යටතට පවරා ගැනිමට කටයුතු කිරිමත් සමඟ මේ වනතෙක් මෙම Third-party keyboard සේවාව Android සහ iOS පරිශීලකයන් වෙත පමණක් සිමා කරමින් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් iOS සඳහා වන SwiftKey සේවාවේ අවසන් යාවත්කාලීන කිරීම වසරකටත් වඩා පැරණි වන නිසා බොහෝ පරිශීලකයින් SwiftKey සේවාව සම්බන්ධ යම් යම් දෝෂ පිළිබඳව වාර්ථා කර තිබෙනවා.

එමෙන්ම එය යළි යාවත්කාලීන කරන්නේ කවදාද යන්න පිළිබඳව නිශ්චිත කාලවකවානුවක් මේ දක්වා ලබාදීමට Microsoft සමාගම කටයුතු කර නැති බවත් මෙහිදී සඳහන් කළ යුතුයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Macrumors වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.