මේ වන විට Batman comic character එක ගැන නොදන්නා කෙනෙක් සොයාගැනීමත් ඉතාමත් අසීරු කටයුත්තක් වන අතර 2019 සැප්තැම්බර් 21 වන විට මේ Batman කාටුන් චරිතය නිර්මාණය කර වසර 80ක් සම්පූර්ණ වෙනවා.

1939 වර්ෂයේදී Bob Kane සහ Bill Finger විසින් නිර්මාණය කළ Batman character එකේ ‍80 වැනි සංවත්සරය නිමිත්තෙන් Epic Games ආයතනය විසින් පහත සඳහන් වන Batman game 6 නොමිලයේ ලබාදීමට කටයුතු කර තිබෙනවා.

  • Batman: Arkham Asylum
  • Batman: Arkham City
  • Batman: Arkham Knight
  • LEGO® Batman™: The Videogame
  • LEGO® Batman™ 2: DC Super Heroes
  • LEGO® Batman™ 3: Beyond Gotham

නිළ Epic Games වෙබ් අඩවියේ Store එක හරහා මේ game 6 ලබාගත හැකි අතර ඒ සඳහා ඔබට Epic Store Account එකක් අවශ්‍යය වෙනවා. ඔබට Account එකක් නොමැති නම්, එය නොමිලයේ නිර්මාණය කරගැනීමේ හැකියාව ද පවතිනවා.


GTA San Andreas Game එක තාවකාලිකව නොමිලයේ ලබාදීමට Rockstar ආයතනය කටයුතු කරයි
ඔයා gamer කෙනෙක් නම්, ගොඩක් වෙලාවට GTA, එහෙමත් නැතිනම් Grand Theft Auto gameමාලාව [https://en.wikipedia.org/wiki/Grand_Theft_Auto] ගැන නොදැනුවත් වෙන්නවිදිහක් නැහැ. මේ game series එකේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණු Grand Theft Auto: San Andreasgame එක [https://www.rockstargames.com/sanandreas/…

Rockstar සමාගම විසින් ඔවුන්ගේ GTA San Andreas game එක ද ‍මේ වන විට නොමිලයේ ලබා දීමට කටයුතු කර ඇති බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති. තවමත් එය ලබා නොගත්තේ නම් ඉහත ලිපිය හරහා එය ලබා ගන්නා ආකාරය දැනගත හැක.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Epic Games වෙබ් අඩවිය, TNW වෙබ් අඩවිය හා Forbes වෙබ් අඩවිය භාවිතා කළ හැක.