Samsung Galaxy Note 20 series එක ඇතුළු තවත් Samsung නිශ්පාදන කිහිපයක් මීළඟ අගෝස්තු මාසයේදී නිකුත් වන බව මීට සති කිහිපයකට කලින් ඔබව දැනුවත් කලා මතක ඇති.

Samsung Galaxy Note 20 සහ Galaxy Fold 2 මීළඟ අගෝස්තු මාසයේදී නිකුත් වන ලකුණු
මේ වන විටත් නවතම Samsung Galaxy Note 20 ජංගම දුරකථනය ගැන බොහෝ කටකතා පැතිර යමින්පවතින අතර මෙම කටකතා අනුව Samsung Galaxy Note family එකේ + models සඳහා ආදේශකිරීමක් ලෙස “Ultra” යන නාමය යටතේ නවතම මාදිලියක් එකතු වන බව ද වාර්ථා වෙනවා. COVID-19 වසංගත තත්ත්වය නිසාවෙන් අනෙකුත් බොහෝ තාක්ෂණික සමාගම් විසින් ම…

මේ වන විට වාර්ථා වන අන්දමට Samsung සමාගම විසින් මෙතෙක් භාවිතා කළ Curved screens භාවිතය නවතා Note 20 ජංගම දුරකථනය සඳහා Flat screen එකක් භාවිතා කිරිමට සැරසෙන බවට තොරතුරු අන්තර්ජාලයට එකතු වී ති‍බෙනවා.

අවසන් වරට Note series එක Flat Screen එකක් භාවිතා කළේ 2015 වර්ෂයේදී නිකුත් කළ Note 5 ජංගම දුරකථනය සඳහා වන අතර Samsung සමාගමේ අනෙක් flagship series එක වන S series එක සඳහා ද S6 සිට යොදා ගත්තේ ද මෙම curved screens ය.

නමුත් මෑතක සිට Samsung සමාගම සිය flagship මාදිලි වලින් curved screens ටිකෙන් ටික ඉවත් කරමින් සිටින අතර Samsung S10e, S10 Lite හා Note 10 Lite යන ජංගම දුරකථන සඳහා යොදාගනු ලැබුවේ මේ ආකාරයේ flat screen එකකි.

ප්‍රසිද්ධ තාක්ෂණික අනාවැකි පළ කරන්නෙකු වන Ice Universe විසින් Tweet පණිවිඩයක් හරහා මෙම තොරතුරු වාර්ථා කර ඇති අතර එය විශ්වාසනීය පුවත් මූලාශ්‍රයක් වන බැවින් මෙම තොරතුරු සත්‍ය වීමට වැඩි ඉඩක් පවතිනවා.

ඔවුන් තව දුරටත් පවසා ඇත්තේ Note 20+ හෝ Note 20 Ultra මාදිලි පමණක් මෙලෙස curved screens සහිතව නිකුත් වනු ඇති බවත්, අනෙකුත් මාදිලි flat screen එකක් සමඟින් නිකුත් වනු ඇති බවත් ය.

කොහොම නමුත් Samsung සමාගම සමඟ තරඟයට සිටින Xiaomi, Oppo, Huawei වැනි දැවැන්ත චීන නිශ්පාදකයින් පමණක් නොව Motorola වැනි සමාගම් ද මෑත කාලීනව නිකුත් කළ සියලුම flagship උපාංග වලට curved screens ඇතුලත් කර තිබෙනු දැකිය හැකි අතර එය එසේ තිබියදී සිය flagship devices සම්බන්ධයෙන් මේ වැනි තීරණයක් ගැනීමට Samsung සමාගම සූදානම් වීම පිළිබඳව බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ 9t05google වෙබ් අඩවිය භාවිතා කළ හැක.