මේ වන විට අන්තර්ජාලය හරහා සපයන සෑම සේවාවක්ම පාහේ මිළදීගැනීමට ප්‍රථමව භාවිතා කර බැලීම සඳහා free trial subscription එකක් ලබා දීම සාමාන්‍යය දෙයක් බවට පත් වෙලා තිබෙනවා.

කොහොම නමුත් මේ trial subscriptions සඳහා credit card දත්ත ලබා දීමෙන් පසුව, එම trial කාළසීමාව අවසන් වීමෙන් පසුව automatically අදාල premium subscription එක සඳහා credit card එක මගින් මුදල් අය කරගැනීමට බොහෝ ආයතන කටයුතු කරනු ලබනවා.

බොහෝ වෙලාවට මේ trial සඳහා ඇතුලත් වුවත්, ටික දිනකින් ඒ පිළිබඳව අමතක වී යාම නිසා, අදාල මුදල් ප්‍රමාණය තම credit card එක මගින් ස්ව්‍යංක්‍රීයව ගෙවී ඇති බව දුටු විට මේ ගැන සිහියට ඒම නිතරම සිදු වන දෙයක්.

ඔන්න මේ ගැටළුව මඟහරවා ගැනීම සඳහා Mastercard ආයතනය විසින් නව නීති කිහිපයක් රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

Updated: 18/01/2019
Mastercard ආයතනය විසින් මෙම නීති පද්ධතිය digital products සඳහා අදාල නොවන බවත්, විටමින් වර්ග වැනි physical products වලට පමණක් මෙය සීමා වන බව ඔවුන්ගේ blog අඩවිය update කරමින් සඳහන් කර තිබෙනවා. මේ අනුව සියල්ලෝම බළාපොරොත්තු වූ ආකාරයේ ආරක්ෂාවක් මේ මගින් නොලැබෙන බව පෙනී යනවා.

මේ අනුව යම්කිසි mastercard පරිශීලකයෙකු trial සේවාවක් සඳහා subscribe වූ විට, එම trial කාළය අවසන් වීමේදී ස්ව්‍යංක්‍රීයව නැවත නැවතත් සිදු වන transaction වලට අදාල පරිශීලකයන්ගෙන් අවසරයක් ලබාගත යුතු වෙනවා.

එමෙන්ම අදාල transaction එක සිදු කිරීමට ප්‍රථමව mastercard පරිශීලකයා හට transaction amount එක, payment date එක, වෙළෙන්දා පිළිබඳ තොරතුරු මෙන්ම අදාල subscription එක අවශ්‍යය නැති නම්, මෙම transaction එක සිදු වීමට පෙර එයින් ඉවත් වන ආකාරය පිළිබඳ තොරතුරු ඇතුලත් පණිවිඩයක් එවීම අනිවාර්යය වෙනවා.

මෙම පණිවිඩය පළමු වර පමණක් නොව, ඉන් පසුව සිදු කිරීමට නියමිත සෑම transaction එකක් සඳහාම එවීම අනිවාර්යය කිරීමට Mastercard ආයතනය තීරණය කර තිබෙනවා.

මේ අලුත් නීති කිහිපය හරහා mastercard භාවිතා කරන්නන් හට ඔවුන්ගේ ගණුදෙනු පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලැබෙනු ඇති බව මෙන්ම අනවශ්‍යය අයකිරීම් වලින් ඉවත් වී සිටීමටත් අවස්ථාව ලැබෙනු ඇති බව Mastercard ආයතනය බළාපොරොත්තු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Mastercard Newsroom එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.