GTA එහෙමත් නැතිනම් Grand Theft Auto කියන්නේ අපි කවුරුත් දන්න, ඒ වගේම බොහෝ දෙනෙකුගේ කැමතිම game series එකක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ.

ඒ වගේම පොඩි කාලේ ඉඳන්ම මේ series එකට අදාල හැම game එකකදිම වගේ cheat code භාවිතා කරන එකත් අපිට මහ අමුතු දෙයක් නෙවෙයි. නමුත් GTA V සමඟින් හඳුන්වා දුන් GTA Online mode එක හරහා multiplayer පහසුකම භාවිතා කරන බොහෝ දෙනෙකුට සාමාන්‍යය game එකේ තිබෙන cheat codes භාවිතා කිරීමේ හැකියාව තිබුණේ නැහැ.

මීට හේතුව ලොව පුරා සිටින GTA Online වෙත එකතු වෙන සෑම player කෙනෙකුටම එක හා සමාන අත්දැකීමක් ලබා දීමට Rockstar සමාගම තීරණය කර තිබීම වුවත්, ලොව පුරා සිටින අනෙකුත් developers ලා විසින් මේ වෙනුවෙන් නොයෙකුත් විදිහේ cheat භාවිතා කරන ක්‍රම නිර්මාණය කරන්නට කටයුතු කලා.

ඒ අතරින් කෙනෙක් තමයි Florida වල ජීවත් වෙන Jhonny Perez කියන පුද්ගලයා. මොහු විසින් මෙලෙස GTA Online සඳහා cheating tool එකක් නිර්මාණය කර, එය අලෙවි කිරීමට කටයුතු කිරීම නිසාවෙන් Rockstar සමාගමට හිමි වීමට තිබූ විශාල මුදලක් අහිමි වී ගිය බව ඔවුන් ප්‍රකාශ කරනවා.

මේ හේතුව නිසාවෙන් Rockstar සමාගමේ මව් සමාගම වන Take-Two Interactive සමාගම විසින් මේ පුද්ගලයාට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කර තිබෙන අතර, එයට ලබා දුන් තීන්දුව අනුව ඇමෙරිකානු ඩොලර් 150,000ක් දඩ වශයෙනුත්, තවත් ඩොලර් 66,000ක මුදලක් නඩු ගාස්තු වශයෙනුත් ගෙවීමට සිදු වී තිබෙනවා.

මේ ආකාරයෙන් නඩු පැවරීමට ප්‍රථමව Take-Two ආයතනය විසින් Perez ව සම්බන්ධ කරගත් අවස්ථාවේදී ඔහු විසින් මේ cheating tool එක මගින් ලබාගත් මුදල් Charity වලට, ලබා දීමට පොරොන්දු වුවත්, අදාල මුදල් පිළිබඳව තොරතුරු එම ආයතනයට ලබා දීමට කටයුතු කර නොතිබීම හේතුවෙන් මෙලෙස නඩු පැවරීමට ඔවුන් කටයුතු කර තිබෙන බව දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය හා Torrent Freak වෙබ් අඩවිය භාවිතා කළ හැක.