මීට කලින් වතාවක iPhone පරිශීලකයන්ව Touch ID හරහා Payment එකක් වෙත යොමු කරන වංචාකාරී iOS Apps දෙකක් App Store එක හරහා පැතිරී ගිය අවස්ථාවක් ගැන දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් Amazon Alexa app එක ලෙසින් පෙනී සිටි තවත් fake app එකක් මේ ආකාරයෙන් Apple App Store එකට එකතු වී තිබෙනවා. එමෙන්ම කලින් අවස්ථා වලදී මෙන් නොව, මේ අවස්ථාවේදී මේ “Setup for Amazon Alexa” app එක App Store එකේ Top Charts වල Utilities category එකේ 6 වන ස්ථානයෙහි රැඳී සිටින්නටත්, Top Free කියන category එකේ 75 වැනි ස්ථානට පැමිණීමටත් හැකියාව ලබාගෙන තිබෙනවා.

සාමාන්‍යයෙන් Google Play Store එකට app එකක් ඇතුලත් කිරීම හා App Store එකට app එකක් ඇතුලත් කිරීමේ ක්‍රියාවලිය සසඳා බැලූ විට, App Store එකට app එකක් ඇතුලත් කිරීමට ඉතාමත් අපහසු වෙනවා.

මේ process එක තුලදී Apple සමාගම විසින් අදාල app එක පිළිබඳව ඉතාමත් තදින් සොයා බලනු ලබන අතර ඒ හරහා පැමිණුන ද බොහෝ වෙලාවට සාමාන්‍යය app එකකට මේ top charts අතරට ඇතුලත් වීමට අති මහත් උත්සාහයක් දැරිය යුතු වුවත් මේ fake app එකට එම අවස්ථාවත් ලැබී තිබෙනවා.

"Alexa turn on the Christmas lights"

මේ දින වලදී හුවමාරු කරගන්නා නත්තල් තෑගි අතර Amazon Echo Dot එක ජනප්‍රිය තෑග්ගක් වෙනවා සේම, බොහෝ දෙනා නත්තල් ගසෙහි ඇති light දැල්වීමට Alexa භාවිතා කිරීමේ trend එකක් පැවතුණු බව පසුගිය දින වල වාර්ථා වුණා.

ඉතින් මේ හේතුව නිසාවෙන් Alexa app එක ඉතාමත් ජනප්‍රිය app එකක් වූ අතර මූලිකව එය setup කරගැනීම අලුත් දෙයක් වූ බොහෝ දෙනා කලින් සඳහන් කළ fake app එක බොහෝ වාරයක් download කරගැනීමට පෙළඹී තිබෙනවා.

මේ හේතුව නිසාවෙන් මේ fake app එක Top Charts වලට පැමිණ තිබෙන බව බොහෝ දෙනා පෙන්වා දෙන අතර මේ වන විටත් එය App Store එක තුලින් ඉවත් කිරීමට Apple සමාගම කටයුතු කර තිබෙනවා.

මේ අනුව මෙතෙක් කල් පරිශීලකයන්ගේ විශ්වාසය දිනාගෙන සිටි Apple App Store එක ද Google Play Store එක මෙන්ම අනතුරු වලට නිරාවරණය වන බව පෙනී යන අතර මේ සිදුවීම එයට හොඳම උදාහරණයක් වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Mashable වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.