නොවැම්බර් මස 11 වැනි දින, එහෙමත් නැතිනම් 11 වැනි මාසයේ 11 වැනි දින (11.11) චීන තනිකඩයන්ගේ දිනය සමරනු ලබන දිනය වන අතර මේ වන විට එය ලොව පුරා Shopping festival එකක් ලෙස සැමරීමට කටයුතු කරනු ලබනවා.

විශේෂයෙන්ම AliExpress වැනි චීන වෙබ් අඩවි වල මේ පිළිබඳව විශාල වශයෙන් වෙළඳ දැන්වීම් පෙන්වමින් මේ පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළ අතර මේ එක දිනයක වෙළඳාම හරහා යුවාන් බිලියන 268ක්, එනම් ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 38.4ක මුදලක භාණ්ඩ අලෙවි කිරීමට Alibaba Group එක සමත් වී ඇති බව වාර්ථා වෙනවා.

මේ ආකාරයෙන් අලෙවි වූ භාණ්ඩ අතරින් Electronic gadget සහ fashion items වලට ප්‍රධාන ස්ථානයක් හිමිව තිබුණු බවත්, මේ sale එක ආරම්භ කර පළමු තත්ත්පර 68 ඇතුලත ඩොළර් බිලියනයේ සීමාව පසු කළ බවත්, පළමු මිනිත්තු 30 ඇතුලත ඩොලර් බිලියන 10ක භාණ්ඩ අලෙවි කිරීමට ඔවුන් සමත් වුණු බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ සඳහා AliExpress, Tmall, Taobao, Lazada වැනි වෙබ් අඩවි කිහිපයක් හරහා ලොව පුරා මිලියන 500ක පමණ පිරිසක් සහභාගී වුණු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා Alizila වෙබ් අඩවිය භාවිතා කළ හැක.