COVID-19 වසංගතය මධ්‍යයේ local communities සඳහා වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා Facebook සමාගම සිය Community Help hub එකට නව අංග කිහිපයක් එකතු කිරීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

දේශීය සම්පත් පිළිබඳව, ආහාර සහ බෙහෙත් ඉල්ලා සිටින අය මෙන්ම ඔවුන් සදහා සහයෝගය දීමට කැමැත්තෙන් සිටින ස්වේච්ඡා සේවකයන් සහ ස්වේච්ඡා කණ්ඩායම් විසින් මෙම Community Help hub එක දැනටමත් සැලකිය යුතු ලෙස භාවිතා කරව බව‍ට වාර්ථා වෙනවා.

මේ වන විට Facebook සමාගම විසින් Help hub එකට තවත් features කිහිපයක් එකතු කරමින් local businesses, ලේ බැංකු, ලාභ නොලබන ආයතන සහ තවත් බොහෝ දේ සඳහා සහාය වීමට ඉඩ සලසනු ලබනවා.

PayPal, ඇමෙරිකානු ආහාර අරමුදල, Ford, Bill & Melinda Gates පදනම, CDC පදනම, LinkedIn, United Way, GoFundMe වැනි බොහෝ ආයතන සමඟ සම්බන්ධ වෙමින් Facebook සමාගම මෙම කටයුත්ත සිදු කරනු ලබන බව‍ට ද වාර්ථා වී තිබෙනවා.

මේ අනුව Facebook පරිශීලකයින් හ‍ට facebook.com/covidsupport ‍පිටුව වෙත ගොස් gift cards මිලදීගෙන, දේශීය ව්‍යාපාර සහ nonprofit fundraisers සදහා පරිත්‍යාග කිරිමේ හැකියාව ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

Coronavirus එක වෙනුවෙන් අරමුදල් රැස් කිරීම සඳහා TikTok සමාගම විසින් Donation Stickers හදුන්වා දෙයි
TikTok හි නිර්මාණකරුවන්ට සහ ඔවුන්ගේ රසිකයන්ට charity කටයුතු සඳහා මුදල් පරිත්‍යාගකිරිමේ හැකියාව පහසු කිරිමට කටයුතු කර තිබෙන බව ප්‍රකාශ කර සිටිනවා. TikTok App එක මගින් කෙලින්ම තමා කැමති charity එකක් වෙනුවෙන් අරමුදල් රැස් කිරිමසදහා නිර්මාණකරුවන්ට videos සහ live streams භාවිතා කල හැකි නව Donation Sti…

මෙම නව features එළිදැක්වීමෙන් දේශීය ව්‍යාපාර වලට සහ ලාභ නොලබන ආයතන සදහා උදව් කරනු ලබන එකම platform එක Facebook නොවන අතර TikTok සමාගමෙන් පවා මෙවැනි Donation කළ හැකි ආකාර හඳුන්වා දී ඇති බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Techcrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.