පසුගිය වසරේ ජුලි මස Instagram Stories වලට Soundtrack එකතු කිරීමේ හැකියාව ලබා දෙන විට මිලියන 150ක පිරිසක් දිනපතා Facebook Stories පහසුකම භාවිතා කරනු ලැබූ බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ පහසුකම දිනපතා භාවිතා කරන පිරිස මිලියන 500 අභිබවා ගොස් ඇති බව දැනගන්නට ලැබෙන අතර මේ අනුව WhatsApp, Facebook සහ Messenger, Instagram යන Platform අතර දිනපතා භාවිතා කරනු ලබන පරිශීලකයන් බිලියන 1.56ක ප්‍රමාණයක් Facebook සමාගම සතු වෙනවා.

මේ Stories පහසුකම මුලින්ම ලොවට හඳුන්වා දුන් Snapchat වලට තවමත් සිටින්නේ මිලියන 190ක පරිශීලකයන් ප්‍රමාණයක් වන අතර, Facebook සමාගමට මේ තත්ත්වයට පත් වීමට වසර දෙකක කාලයක් ගතවී තිබෙන බවත් වාර්ථා වෙනවා.

Facebook සමාගමේ මේ Apps අතර Stories වල වෙළඳදැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා මේ වන විට මිලියන 3ක Advertisers ලා සිටින බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මූලිකව මේ Stories පහසුකම සඳහා Facebook පරිශීලකයන් එතරම් කැමැත්තක් ‍දැක්වූයේ නැති වුවත්, මේ වන විට එයට හුරු වීමට බොහෝ දෙනා කටයුතු කර ඇති අතර මේ වන විට මේ කරදරකාරී පහසුකම මුදල් ලැබෙන ක්‍රමයක් කරගැනීමට Facebook සමාගම සමත් වී තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.