Samsung සමාගමේ නවතම සොයාගැනීම තමයි Smart Things උපාංගය. මේ උපාංගය මගින් කරන්නේ ඔබගේ නැති උන, මග ඇරුන භාණ්ඩ තිබෙන ස්ථානය සොයා ගැනීම.

Samsung සමාගම විසින් ඔවුන්ගේ නවතම Smart Device එක වන SmartThings tracker එක පසුගිය දවසක නිකුත් කරනු ලැබුවා.

මේ වගේ උපාංග වෙළඳපොලේ ඕනෑ තරම් දකින්නට ලැබුණත්, මෙම උපකරණයේ විශේෂත්වයක් පවතිනවා. එනම් සාමාන්‍යය උපාංග වල භාවිතා කරනු ලබන Bluetooth තාක්ෂණය වෙනුවට මෙහි භාවිතා වන්නේ වඩා ඵලදායි වන LTE-M යන තාක්ෂණයයි.

දුරකතන සංඥා මගින් උපකරණය තිබෙන ස්ථානය වඩාත් නිවැරදිව සොයාගත හැකි අතර මේ උපකරණය මත ඇති බොත්තම දෙවරක් එබූ විට එය ඇති ස්ථානය මෘදුකාංගයක් මගින් අපට දැනගැනීමට හැකියාව ලැබෙනවා.

මීට අමතරව යම් සීමාවක් හරහා මෙම උපකරණය ගමන් කරවිට notification එකක් ලබා ගැනීමට හැකි වීම, යම් ප්‍රදේශයකට පැමිණි විට සිහි ගැන්වීම වැනි තවත් කටයුතු රාශියක් සදහා මෙම උපකරණය යොදාගැනීමට පුලුවන්. ඒ වගේම මෙය වතුරට, ඔරොත්තු දෙන අතර නිවස තුල හා පිටත භාවිතා කිරීමට හැකි ලෙස නිමවා ඇත. බැටරිය සතියක් කාලයක් පුරා භාවිත කර හැක.

මෙහි සුවිශේෂම වාසිය වන්නේ Bluetooth තාක්ශණය වෙනුවට LTE-M තාක්ශණය භාවිතා කරන නිසා ගෙනයා හැකි දුර අපිරිමිත වීමයි. Bluetooth උපාංග උපරිම ලෙස 200m ගෙනයා හැකි වුවත් මෙම උපාංග කිලෝමීටර් දහස් ගනණක දුරකදී වුවත් භාවිතා කළ හැක. මෙය දරුවන්ගේ බෑගය තුල රැඳවීමෙන් ඔවුන් සිටිනා ස්ථානය සහ හදිස්සි අවස්ථාවකදී දැනුම්දීමක් සිදු කිරීමටත් භාවිතා කළ හැකි වෙනවා.