Instagram Story සදහා Music Track එකතු කිරීමේ පහසුකම ගැන ඔබට මීට පෙර ලිපියක් ලිපියක් මගින් දැනුවත් කලා මතක ඇති.

ඔන්න දැන් Facebook භාවිතා කරන්නන් හට Spotify හි පවතින Music Tracks තමන්ගේ Facebook Story එක ලෙස සෘජුවම Share කිරීමේ හැකියාව ලබා දෙන්න Spotify ආයතනය කටයුතු කර තිබෙනවා.

මේ පහසුකම ලැබීමත් සමග “Share” Option එක මත Tap කිරීමෙන් පසු Facebook Select කර Your story හෝ News Feed ලෙස ලබා දෙන option දෙකෙන් your story හරහා අදාල music track එක Facebook Stories එක වෙත එක් කළ හැකි වෙනවා.

මේ අනුව අදාල ගීත වල තත්ත්පර 15ක preview clip එකක් අදාල story එක නරඹන්නන් හට සවන් දීමේ හැකියාව ලැබෙන අතර, එම ගීතය සම්පූර්ණයෙන් ඇසීම සඳහා "Play on Spotify" link එක මත tap කිරීම මගින් Spotify වෙත පිවිසීමේ හැකියාව ද ලැබෙනවා.

විශේෂයෙන්ම කළාකරුවන් හට තමන්ගේ රසික පිරිස සමඟ සම්බන්ධ වීමට මෙන්ම තමන්ගේ අලුත් නිර්මාණ රසිකයන් අතරට ගෙන යාමට මෙය ඉතාමත් හොඳ ක්‍රමයක් වන ඇති බව Spotify ආයතනය පෙන්වා දෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීමට නිළ Spotify වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.