Quantum super positions, එහෙමත් නැතිනම් එකම අවස්ථාවකදී තරංගයක් ලෙසත්, අංශුවක් ලෙසක් පෙනී සිටීමට ඇති හැකියාව, Quantum භොතික විද්‍යාවේ මූලික සිද්ධාන්ත වලින් එකක් බව ඔබ මේ වන විටත් දන්නවා ඇති.

(ඒ ගැන දන්නේ නැති නම්, පහළ ඇති වීඩියෝව නරඹා ඉන් පසුව ලිපිය කියවීමෙන් මෙය තේරුම් ගැනීම පහසු වනු ඇත.)

Quantum Super Position ගැන - TechTrack

මේ ආකාරයෙන් super position එකක සිටිය හැකි එකම දේ අංශු පමණක් නොවන බවත්, කාලයටත් මේ ආකාරයෙන් හැසිරිය හැකි බවත් Queensland විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥවරියක් වූ Magdalena Zych ඇතුලු විද්‍යාර්ථයින් පිරිසක් විසින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව Nature Communications සගරාවේ සඳහන් කරනවා.

සාමාන්‍යය වස්තු වල ස්වභාවය විමර්ශනය කිරීම හරහා මෙය සනාථ කිරීමට භෞතික විද්‍යා‍ඥයින් එකිනෙකට පරස්පර විරෝධී න්‍යායන් දෙකක් වන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය එකතු කිරීමට කටයුතු කළා.

මෙම සොයාගැනීම සිදුවුණේ පසුගිය සියවස තුළ වර්ධනය වූ, නමුත් පරස්පර විරෝධී විද්‍යා න්‍යායන් ද්විත්වයක මූලධර්මයන් එකතු කිරීම සඳහා අප විසින් කරනු ලැබූ පරීක්ෂණයකින් වන අතර, මෙහිදී අපට අදහසක් ගැනීමට අවශ්‍යය වූයේ, කාල ප්‍රවාහයට බලපෑම් කිරීමට තරම් විශාල වස්තුවක් ක්වොන්ටම් තත්වයක තැබූ විට කුමක් සිදුවේද යන්න පිළිබඳවයි
අයින්ස්ටයින්ගේ න්‍යාය මගින් දැවැන්ත වස්තුවක් ආසන්නයේ පවතින විට, කාලය ගැලීම මන්දගාමී වනබව විස්තර කරල තියෙනවා.
නිශ්චිත වෙලාවකදී එකිනෙකාට වෙඩි තබාගන්නා ලෙස හා අනෙකාගේ ප්‍රහාරයෙන් බේරී සිටින ලෙස දැනුම් දී තිබෙන Spaceships දෙකක් ගැන හිතන්න. එහිදී මුලින්ම වෙඩි තබන spaceship එක බොහො විට අනෙත් spaceship එක පැරදවීමට සමත් වෙනවා.
කොහොම නමුත් අයින්ස්ටයින්ගේ න්‍යායට අනුව, බලවත් සතුරෙකුට සාමාන්‍ය සාපේක්ෂතාවාදයේ මූලධර්ම භාවිතා කර ග්‍රහලෝකයක් වැනි දැවැන්ත වස්තුවක් එක් යානාවකට සමීප කළහොත් කාලය ගලායාම මන්දගාමී වන අතර (අර Intesteller movie එකේ වගේ) ඒ අනුව අර දැවැන්ත වස්තුවෙන් ඇතින් ඇති නෞකාව කලින් වෙඩි තබා අනෙකා විනාශ කරනවා.
ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ දෙවන න්‍යායට අනුව ඕනෑම වස්තුවක් Super Position එකක තියෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ එය විවිධ ප්‍රදේශ වලින් හමුවීමට සම්භාවිතාවක් තියෙන්න පුළුවන්. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ න්‍යාය පාවිච්චි කරමින් සතුරෙක් පෘථිවිය Quantum Super Position එකකට ගෙනාවොත්... එතකොට කාලයටත් රේඛීය වෙන්න බෑ. සිදුවීම්වල පිළිවෙල හොයන්න අලුත් ක්‍රමයක් මතු වෙනවා වගේම සිදුවීම් කිසිවක් පළමු හෝ දෙවන ලෙස පිළිවෙලකට සිදු වීමක් වන්නේ නැති අතර එම event ද්විත්වයම පළමු හා දෙවන යන අවස්ථා දෙකම වෙනවා." ~ Dr. Zych

කොහොම නමුත් මේ ප්‍රකාශ කරන ආකාරයේ ග්‍රහලෝක quantum super position එකකට ගැනීම කිසි දිනෙක ප්‍රායෝගික නොවනු ඇති නමුත්, මේ හරහා Quantum ලෝකයේදී කාලයේ හැසිරීම පිළිබඳව පරීක්ෂණ නව මානයකට යොමු කරනු ඇති බව Queensland විශ්වවිද්‍යාලයේ සම කර්තෘ Dr. Fabio Costa විසින් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Sciencedaily වෙබ් අඩවිය, phys.org වෙබ් අඩවිය, sci-news වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර මීට අදාල සම්පූර්ණ research paper එක මේ link එක හරහා නැරඹිය හැක.