Facebook Lite කියන්නේ connectivity එක අඩු ප්‍රදේශයකදී වුවත් භාවිතා කල හැකි app එකක් වන අතර මේ ඇප් එක සඳහා භාවිතා වන data ප්‍රමාණය සහ  resources භාවිතය, ඒ කියන්නේ memory සහ processing power එක භාවිතා කිරීමත් අඩු නිසා low-end device එකක දී වුණත් හොඳින් වැඩ කරන්න මේ ඇප් එකට පුලුවන්.

මේ ඇප්  එකේ, ප්‍රධාන Facebook App එකේ අඩංගු සියලු පහසුකම් අඩංගු නොවන අතර එදිනෙදා අපට අත්‍යාවශ්‍යය වන ප්‍රධාන පහසුකම් වන News Feed, Friends Requests, Messages, Notifications, Search, and Options වගේ tabs අන්තර්ගත වෙනවා.

මීට පෙර ලිපියකින් Facebook Lite වලට හදුන්වා දුන් Facebook Crisis Response Tool ගැනත් අපි ඔබව දැනුවත් කලා ඔබට මතක ඇති.

Facebook Lite App එක Android සදහා නිකුත් කරන්නේ 2015 දී වන අතර 2016 වසර වන විට මෙය Google Play Store හරහා Download කරපු වාර ගණන මිලියන 100 ඉක්මවා ශීඝයෙන් වර්ධනය වෙනවා. එ් වගේම මේ වන විට Facebook Lite app එක Play Store එක හරහා Download කර ඇති වාර ගණන මිලියන 500 ඉක්මවා තියෙනවා.

මේ App එක 2015 දි Android සදහා නිකුත් කලත් මෙය ඇමෙරිකාවේ Facebook භාවිතා කරන්නන් හට නම් ලබාදෙන්නේ මේ වසරේ මුල් කාලය වන විටයි. එමෙන්ම Android සදහා Facebook Lite සංස්කරණයක් ලබා දුන්නත් iOS භාවිතා කරන්නන් හට නම් Facebook Lite මෙතෙක් ලබා දීමට කටයුතු කර තිබුනේ නෑ.

එ් වගේම Facebook සමාගම විසින් මේ App එක හදුන්වා දෙන්නෙත්, කලින් සදහන් කලා වගේම ප්‍රධාන Facebook App එක Device එකක දී ලබා ගන්නා වැඩි Storage ප්‍රමාණය හා වැඩි RAM ප්‍රමාණයක් භාවිතය වගේ දේවල් නිසයි. මේ තත්ත්වය ඉතින් Android/iOS කියලා නම් වෙනසක් වෙන්නේ නැහැ.

iOS මතදී ප්‍රධාන Facebook App ඇප් එක ලබාගන්නා ධාරිතාව 500 MB ඉක්මවා යන බව iOS භාවිතා කරන්නන් පෙන්වා දෙනවා.

මෙවැනි ගැටලු වලට පිලියමක් ලෙස දැඅන් ඔන්න iOS භාවිතා කරන්නන් හටත් මේ පහසුකම, එනම් Facebook Lite App එක ලබාදෙන්න Facebook සමාගම කටයුතු කරලා තියෙනවා. මෙහි පලමු පියවර ලෙස තුර්කි රාජ්‍යට මෙම Facebook Lite අැප් එක App store හරහා ලබා දීමට කටයුතු කර තිබෙනවා.

මේ iOS වලට එන Facebook Lite app එක 5MB පමණ අඩු file size එකකින් යුක්ත වන අතර එහි ප්‍රධාන අංගයන් ලෙස අපි මේ ලිපියෙහි කලින් සදහන් කල ආකාරයට අඩු බැටරි භාවිතය, අඩු ඉඩක් සහ අඩු Ram භාවිතය පෙන්වා දෙන්න පුලුවන්.

Facebook සමාගමේ නියෝජිතයෙකු මේ පිලිබදව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා.

"Facebook භාවිතා කරන්නන් සිටින ස්ථානය, සිටින තත්ත්වය මොන වගේ එකක් වුණත්, ඔවුන්ගේ පවුලේ අය සහ යහළුවන් සමඟ සම්බන්ධවීමට හැකියාව ලබා දීම වැඩිදියුණු කිරීම වෙනුවෙන් අපි සෑම විටම වැඩ කරමින් සිටිනවා. මූලිකව Facebook Lite app එක නිකුත් කිරීමේදී අපේ ප්‍රධාන අරමුණ වුණේ, ප්‍රධාන app එකේ තිබෙන පහසුකම් වලින් හැකි සෑම පහසුකමක් ම, මේ අලුත් සැහැල්ලු app එකට එකතු කිරීමයි.

මේ වන තුරු මේ Facebook Lite භාවිතා කිරීමේ පහසුකම ලබාදී තිබුනේ Android භාවිතා කරන්නන් හට පමණක් වන අතර දැන් මේ අත්දැකීම iOS භාවිතා කරන්නන් හටත් ලබා දෙන්න අපි පරීක්ෂණ කටයුතු සිදු කරමින් යනවා."
මේ ගැන වැඩි විස්තර businessinsider වෙබ් අඩවියෙන් සහ gsmarena වෙබ් අඩවියෙන් දැනගතහැකි වෙනවා.