Microsoft සමාගම ඔවුන්ගේ Windows 10 මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන Windows 10 October update එක පසුගිය ඔක්තෝම්බර් දෙවන දා නිකුත් කරන්නට කටයුතු කළා.

මේ අලුත් update එක හරහා නව පහසුකම් කිහිපයක් ලැබුණත්, ඇතැම් භාවිතා කරන්නන්ගේ user data එහෙමත් නැතිනම් documents, desktop, downloads වැනි user profile එක තුල ගබඩා වන files මකා දැමීමට කටයුතු කර ඇති බව දැනගන්නට ලැබෙනවා.

පෞද්ගලිකව මාගේ පරිඝනකයේ downloads folder එක තුළ තිබුණු සියළුම files මේ අයුරින් delete කර දමා ඇති අතර මෙම දත්ත නැවත ලබා ගැනීම සඳහා recovery tool එකක් භාවිතා කිරීමට සිදු වුණා.

ඔබත් මේ bug එක නිසා අපහසුතාවයට පත් වූවා නම්, Recuva වැනි recovery tool එකක් හරහා ඔබගේ delete වූ files නැවත ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

වාර්ථා වන අන්දමට මෙය documents, photos වැනි folders වලින් නොනැවතී user profile එක අඩංගු සම්පූර්ණ ගොණුවම මකා දමා ඇති අවස්ථා ද වාර්ථා වෙන අතර මෙය සිදු වන හේතුව හෝ මේ වෙනුවෙන් පිළියමක් ලබා දීමට හෝ Microsoft සමාගම තවමත් කටයුතු කර නැහැ.

මේ update එක තවමත් ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක කිරීමට Microsoft සමාගම කටයුතු කර නොමැති අතර, check for updates button එක click කර manually update කළ පිරිසට පමණක් මෙම අවධානමට මුහුණපෑමට සිදු වී තිබෙනවා.

කොහොම නමුත් ඔබ මේ Windows 10 October update එක ලබා ගැනීමට බළාපොරොත්තුවෙන් සිටිනවා නම් ඒ අදහස මදක් කල් දැමීමෙන් හෝ අදාල files backup කර ගැනීමෙන් පසුව update කිරීම සිදු කිරීමෙන් අනවශ්‍යය අවධානමක් ගැනීමට අවශ්‍යය නොවනු ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය, reddit වෙබ් අඩවිය හා Microsoft support center එක භාවිතා කළ හැක.