Facebook කියන්නේ මේ වන විට ලොව පුරා බිලියන 2.32ක පමණ පිරිසක් විසින් භාවිතා කරනු ලබන App එක වුවත්, එහි පෙනුමට නම් බොහෝ දෙනා කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැහැ.

මේ හේතුව නිසාවෙන් තම පරිශීලකයන් හට සිත්ඇදගන්නාසුළු පෙනුමක් ලබා දීම වෙනුවෙන්, Facebook app එකට සුදු පැහැයට හුරු අලුත් පෙනුමක් එකතු කිරීමට Facebook සමාගම මේ වන විට කටයුතු කරමින් පවතිනවා.

සාමාන්‍යයෙන් අපි දකින Facebook app එකේ පවතින නිල් පැහැති පෙනුම වෙනුවට සුදු පැහැය වැඩියෙන් පැතිරුණු UI එකක් සමඟින් පවතින මෙය මදක් Messenger app එකේ පෙනුමට සමාන කමක් දක්වනවා.

කොහොම වුණත් මේ අලුත් පෙනුම ලබා ගැනීම සඳහා තවමත් කිසිඳු setting එකක් සාමාන්‍යය Facebook app එකෙහි දකින්නට නොලැබෙන අතර මෙය enable කරගැනීම සඳහා වෙනත් ක්‍රමයක් ද මේ වන තුරු වාර්ථා වන්නේ නැහැ.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, 9to5google වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.