Google සමාගම විසින් ඔවුන්ගේ Google Chrome වල සහ Windows 7 වල තිබෙන දුර්වලතාවයන් දෙකක් පසුගිය පෙබරවාරි 27 වැනිදා හඳුනාගෙන ඇති අතර, Chrome වල තිබෙන bug එකට update එකක් ලබා දීමට කටයුතු කර තිබෙනවා.

කොහොම නමුත් Windows වල පවතින bug එක ද Microsoft සමාගමට පෙන්වා දී ඇති අතර ඒ වෙනුවෙන් වන Windows update එක තවමත් ලබා දීමට කටයුතු කර නොමැති බව වාර්ථා වෙනවා.

මේ Windows වල පවතින bug එක හරහා හැකර්වරුන් හට Chrome වල තිබෙන security sandbox එක, එහෙමත් නැතිනම් ආරක්ෂක පද්ධතියෙන් පිටට විත්, system එකේ files access කිරීමේ අවස්ථාව ලැබෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙය දැනට Windows 7 32bit සංස්කරණ වල පවතින බව තහවුරු කල ද ඊට පෙර නිකුත් කළ Windows මෙහෙයුම් පද්ධති වල ද තිබිය හැකි බව විශ්වාස කරනු ලබනවා.

ඔයා Google Chrome web browser එක භාවිතා කරනවා නම්, හැකි ඉක්මණින් 72.0.3626.121 වන Chrome සංස්කරණය හෝ ඊට පසුව නිකුත් කළ සංස්කරණයක් වෙත update කරගන්නා ලෙස Google සමාගම ඉල්ලා සිටින අතර, Windows 7 භාවිතා කරන්නන් හට හැකි ඉක්මණින් Windows 10 වෙත මාරු වන ලෙස ද ඉල්ලා සිටිනවා.

එමෙන්ම මේ වෙනුවෙන් update එකක් නිකුත් කිරීමට Microsoft සමාගම ද කටයුතු කරමින් සිටින බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Google Security Blog එක, The Verge වෙබ් අඩවිය හා Wired වෙබ් අඩවිය භාවිතා කළ හැක.