OnePlus කියන්නේ ඉතාමත් හොඳ තත්ත්වයේ ජංගම දුරකථන අඩු මිලකට අලෙවි කිරීම සම්බන්ධයෙන් ලොව පුරාම ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙන සමාගමක් බවට‍ මේ වන විට පත් වෙලා තියනවා.

ඔවුන්ගේ අලුත්ම ජංගම දුරකථනය වන OnePlus 6T එක “the most affordable flagship you can get” යනුවෙන් ලොව පුරාම කතාබහට ලක් වෙන්නට මේ හේතුව බළපාන ලද අතර මෙම සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා වන Pete Lau විසින් මීළඟට එළිදැක්වීමට නියමිත 5G තාක්ෂණය සමඟින් ජංගම දුරකථන වල මිළ වෙනස් විය හැකි ආකාරය ගැන අදහසක් දක්වා තිබෙනවා.

මේ 5G තාක්ෂණය ජංගම දුරකථනයකට ඇතුලත් කිරීමේදී ඇති වන අසීරු තත්ත්වය නිසාවෙන් සාමාන්‍යය 4G තාක්ෂණය සහිත ජංගම දුරකථනයකට වඩා තවත් ඩොලර් 200ක සිට 300ක පමණ පරාසයක් දක්වා මිළ වැඩි විය හැකි බව ඔහු පෙන්වා දෙනවා.

මේ වන තුරු 5G තාක්ෂණය ගැන බොහෝ තොරතුරු වාර්ථා වුවත්, එම තාක්ෂණය භාවිතා කිරීමට අප විසින් ගෙවිය යුතු මිල පිළිබඳව අදහසක් ලබාගතහැකි පළමු තොරතුර මෙය වන අතර මෙලෙස නිෂ්පාදනය කරනු ලබන ජංගම දුරකථන ලොව පුරා විවිධ service providers ලා භාවිතා කරන frequencies සමඟ ගැලපීම ඉතාමත් අසීරු බව ඔහු තවදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම මෙම තාක්ෂණය design කර ඇති ආකාරය නිසාවෙන් සේවා සපයන්නන් හට ද 5G තාක්ෂණය හරහා ප්‍රදේශයන් ආවරණය කිරීමේදී වඩාත් වැඩි වියදමක් දැරීමට සිදු වෙනවා.

මේ පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Android Central වෙබ් අඩවිය භාවිතා කළ හැක.