Facebook එකට අළුතින් එකතු වෙන Memories page එක ගැන දැනගනිමු

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    Facebook එකට "Memories" කියලා අලුත් page එකක් එකතු වෙන බව Facebook සමාගමෙන් පසුගිය ජුනි 11 වනදා ප්‍රකාශ කලා.


    "On This Day" කියන නමින් මේකට සමාන feature එකක් දැනටමත් තියනවා ඔයාලා දැකලා ඇති. එහි තිබෙන දේවල් වලට අමතරව මේ අලුත් Page එකේ අදාල දිනයේදී ඔබ add කරගන්නා ලද මිතුරන්, මාසික හෝ යම්කිසි විශේෂ කාලසීමාවකට අයිති මතක් කිරීම් වගේ පහත සඳහන් දේවල් මේකට එකතු වෙනවා.
    • On This Day
      අද වගේ දිනයක ඔබ විසින් Facebook එකට එකතු කරන ලද content මේ කොටසේ දිස්වේ
    • Friends Made On This Day
      අද වැනි දිනයක ඔබ විසින් add කරගන්නා ලද මිතුරන් හා බැඳි මතකයන් මෙන්ම ඒ වෙනුවෙන් Facebook එක විසින් නිර්මාණය කරදෙන videos සහ collages මෙහි දිස්වේ
    • Recap of Memories
      මේ කොටසට අදාල වෙන්නේ මාසිකව හෝ යම්කිසි විශේෂ කාලසීමාවකට අදාල ලෙස සකසන ලද messages හෝ videos වේ
    • Memories You May Have Missed
      ඔබ විසින් මෑතකදී ඔබගේ memories පරීක්ෂා කලේ නැති නම්, පසුගිය සතියට අදාල වන සියළුම මතකයන් මෙහි දිස්වනු ලබයි

    facebook-memories-techie

    මෙහි ඇති විශේෂත්වය තමයි, ඔයාගේ කනගාටු සහගත මතකයන්ගෙන් සතුටු හිතෙන මතකයන් පමණක් අඳුනගෙන ඒවා පමණක් share කිරීමට හැකි ලෙස සකස් කර දීමට Facebook එකට පුළුවන් වීම.

    ඉතින් ඔයාත් මේක බලන්න ඕන නම් Facebook Memories Page එක හරහා දැන්ම බලාගන්න පුළුවන්.