ඔන්න Twitter එක විසින් අලුත් දෙයක් එයාලාගේ platform එකට එකතු කරන්නයි යන්නේ. Live events පිළිබඳව news ඔයාගේ Twitter timeline එකට එකතු කරන්න වගේම notifications මගින් දැනුම්දීමක් කරන්නත් ඔවුන් අදහස් කරගෙන සිටිනවා. මේ කොටසට බොහෝවිට live videos එහෙමත් නැත්නම් සජීවී දර්ශන ඇතුලත් කරන්නත් ඔවුන් කටයුතු කරනවා.

උදාහරණයක් වශයෙන් හිතන්න ගංවතුර තත්ත්වයක් ඇතිවෙලා කියලා, එහෙමත් නැත්නම් නායායෑමක්, සුනාමි තත්ත්වයක් වගේ ඇති වුනොතින් ඒ පිළිබඳ වෙන සජීවී දර්ශන ඇතුලත් tweets එයාට වැඩි වශයෙන් පෙන්වන්න ඔවුන් කටයුතු කරනවා.

Twitter live news

මීට අමතරව ඔයා වැඩිපුරම කැමති දේවල් අඳුනගෙන ඒ දේවල් වලට ගැලපෙන විදිහේ push notifications එවන්නත් Twitter එක කටයුතු කරනවා. ඒ කියන්නේ ඔයා football වලට කැමති කෙනෙක් නම්, ඔයාට football වලට අදාල live events වගේ දේවල් පෙන්වීමට වැඩි ප්‍රවණතාවයක් දක්වනවා.

Twitter personalized live news

මීට අමතරව දැනට තිබෙන Explore tab එක Trending, Personalized for you, News, Sports වගේ කොටස් වලට වෙන් කරලා පෙන්වන්නත් වගේම මේ අලුතින් එකතු වෙන features අනුව වෙනස් කරන්නත් ඔවුන් කටයුතු කරනවා. ඒ වගේම දැනට Twitter moments වලට දීලා තිබෙන ප්‍රමුඛතාවය අඩු කිරීමටත් ඔවුන් සැලසුම් කරලා තිබෙනවා.

මේ අලුත් වෙනස FIFA World Cup එකට කලින් ඉදිරිපත් කරන්නත් ඔවුන් කටයුතු කරන බව වැඩිදුරටත් දැනගන්න ලැබෙනවා. එතකොට ඔයාට පුළුවන් වෙනවා අනිත් tweets බලන්න කලින්ම football scores දකින්න. ඒ වගේම වැඩි වශයෙන් live videos බලන්නත් පුලුවන් වේවි.