ගොඩක් අය ආසාවෙන් ඉන්නවා Google Pixel එකක් ගන්න. නමුත් Google Pixel එකක මිළ, තාමත් බහුතරයකට දරාගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. ඉතින් බොහෝ වෙලාවට අපි කරන දෙයක් තමයි best possible Pixel experience එක අපේ දැනට තියන smartphone එක හරහා ලබාගන්න පුළුවන් විදිහට ඒක customize කරන එක.

Android වල තියන වැදගත්ම පහසුකමක් වෙන්නේ, අපි මොනවාහරි දේකට කැමති නැතිනම්, අකමැත්තෙන් ඒක බාවිතා කිරීම හෝ ඒකට පුරුදු වීම වෙනුවට අපිට පුලුවන් ඒක ඉවත් කරලා, අපි කැමති විදිහට සකස් කරගන්න. ඉතින් මේ විදිහට customize කරන එකේ මූලික පියවරක් විදිහට අපිට පුළුවන් stock launcher එක, එහෙමත් නැත්නම් දැනට තියන home-screen එක සහ app drawer එක වෙනස් කරන්න.

මේ කියන්න යන්නේ Lawnchair කියන launcher එකේ දෙවෙනි සංස්කරණය ගැන. මෙහි පළමු සංස්කරණය stable අවස්ථාවේ තිබුණත් තාමත් මේ අලුත් සංස්කරණය alpha කියන testing අවස්ථාවේ තමයි තියෙන්නේ. නමුත් මේ අළුත් version එක සම්පූර්ණයෙන්ම Pixel Launcher එක ආකාරයටම නිර්මාණය කරන්න මොවුන් උත්සාහ කරලා තියනවා. ඒ වගේම Pixel Launcher එක අපිට කැමති විදිහට customize කරගන්න නොහැකි වුණත් මේ Lawnchair හරහා හැම දෙයක්ම වගේ customize කරගන්න ඔවුන් අවස්ථාව ලබාදීලා තියනවා.

ඔයාලා දැනටමත් දන්නවා ඇති Android 8.0 වලදී adaptive icons හඳුන්වා දීමට Google ලා කටයුතු කළා. ඉතින් මේ Lawnchair එක හරහා square, rounded square, squircle, circle, සහ teardrop කියන ආකාර අතුරින් ඔයා කැමති ආකාරයේ icon style එකක් තෝරගන්න ඔයාට අවස්ථාව තියනවා.

Lawnchair-adaptive-icons

ඒ වගේම ඔයාලට මතක ඇති Android 8.1 වලදී wallpaper එක මත පදනම්ව phone එකේ theme එක dark හෝ light theme එකකට මාරු වෙන පහසුකමක් හඳුන්වා දුන්නා. ඉතින් ඔයාටත් මේකෙදි automatically change වෙන විදිහට සකසන්නත් එහෙමත් නැතිනම් manually ඒක ඔයාට කැමති විදිහට මාරු කරගන්නත් අවස්ථාව ලැබෙනවා. කොහොම වුණත් මේ theme එක දැනට අදාල වෙන්නේ launcher එක ඇතුලත කොටස් හා Google Feed එකට පමණක් බවත් ඔවුන් මෙහිදී සඳහන් කරනවා.

Lawnchair-theme

මීට අමතරව dock එකට වගේම app drawer එකට සහ launcher settings වලට blur effect එකක් දාන්නත් ඔයාට පුළුවන්. මේ දාන blur effect එකේ percentage එක ඔයාට කැමති ගාණකට වෙනස් කරගන්නත් ඔයාට අවස්ථාව තිබෙනවා.

Evie-Launcher-blur-techie

මේ launcher එකේ desktop එක එහෙමත් නැතිනම් homescreen එකට අදාල customizations කිහිපයක්ම අපිට දැකගන්න පුළුවන්. Date/Time එක, Google App එක වගේ දේවල් ඔයාගේ අවශ්‍යයතාවය මත පෙන්වීම හෝ සැඟවීම මෙහිදී ඔයාට සකසන්න අවස්ථාව තිබෙනවා.

Evie-Launcher-desktop-techie-1

Notification dots කියන එකත් Android Oreo එක්ක ආපු තවත් feature එකක්. ඉතින් ඔයාට පුළුවන් ඒ feature එකත් මේ launcher එකත් එක්ක අත්විඳින්න. මේ වෙනුවෙන් Lawnchair එකට notification access permission එක ලබා දුන් පසු, notification එකක් පැමිණිමෙන් පසු ඒ බව අදාල app icon එක මත dot එකකින් දර්ශනය කරයි.

Evie-Launcher-notification-dots-techie

ඒ වගේම homescreen එකේ තිබෙන dock එකේ පෙනුමත් දැන් ඔයා කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්. ඒ සඳහා Rounded, Gradient, Flat, සහTransparent යනුවෙන් options කිහිපයක්ම මොවුන් ඉදිරිපත් කරලා තියනවා.

Evie-Launcher-dock-techie

මීට අමතරව app drawer එකටත් apps hide කරන්න, opacity එක වෙනස් කරන්න වගේ customizations කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා.

Evie-Launcher-drawer-settings-techie

ඉතින් ඔයාට මේක test කරලා බලන්න ඕන නම් පහළ තිබෙන් links හරහා ගිහින් install කරගෙන බලන්න පුළුවන්.


ගොඩාක් වෙලාවට Google Play එකට ගියාම ඔයාට පුළුවන් ඕන ඕන විදිහේ launchers download කරලා බලලා ඔයාට ගැලපෙනම launcher එක තෝරගන්න. උදාහරණයක් විදිහට මේ තියෙන්නේ මම දැනට බාවිතා කරන Evie කියන launcher එක.

Evie-Launcher-techie