Facebook, Instagram සහ WhatsApp යන සේවාවන් වල බිඳවැටීමක් පිළිබඳව මේ වන විට ලොව පුරා පරිශීලකයන් විසින් වාර්ථා කරනු ලබනවා.

බොහෝ දෙනා හට අදාල සේවාවන්හි app හා වෙබ් අඩවිය භාවිතා කරමින් සේවාව ලබාගත හැකි වුවද, තවමත් යම් පිරිසක් හට Sharing වැනි ප්‍රධාන පහුසකම් පවා ක්‍රියා නොකරන බව දැනගන්නට ලැබෙනවා.

මෙම downtime එක ඊයේ දිනයේ Paraguay, India, Bangladesh, Argentina ඇතුළු රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබුණත්, මේ වන විට එක්සත් රාජධානිය, ඉන්දියාව, කැනඩාව, පිලිපීනය වැනි රටවල් වලින් ද වාර්ථා වෙනවා.

Facebook සමාගම විසින් මේ පිළිබඳව තම සේවාවන්ගේ නිළ Twitter ගිණුම් හරහා මේ බව සනාථ කර තිබෙන අතර DownDetector වෙබ් අඩවිය හරහා මේ ආකාරයෙන් අදාල සේවාවන් අක්‍රීය වී ඇති ප්‍රදේශයන් සහ කාළය පිළිබඳව දැනට පවතින තත්ත්වය පිළිබඳව විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා.

තවදුරටත් අදහස් දක්වමින් Facebook සමාගම ප්‍රකාශ කරනු ලබන්නේ මෙය DDoS ආකාරයේ attack එකක් නොවන බවත්, හැකි ඉක්මණින් මෙම තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කරමින් සිටින බවත් ය.

මේ downtime එක නිසාවෙන් Social sharing පහසුකම හරහා අපගේ Facebook පිටුව වෙත පළ කෙරෙනු ලබන ලිපි ද තාවකාලිකව ක්‍රියාත්මක නොවන බව email පණිවිඩයක් මගින් දැන්වීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.