Facebook සමාගම විසින් පසුගිය ඔක්තෝබර් මාසයේදී නිකුත් කළ Messenger app එකෙහි redesign එකෙහිම විශේෂාංගයක් ලෙස Facebook Messenger සහ Instagram සඳහා නව “Vanish Mode” පහසුකමක් එක් කිරීමට කටයුතු කර ඇති බව මේ වන විට වාර්තා වෙනවා.

Facebook Messenger සහ Instagram වෙත පැමිණෙන Vanish Mode එක හරහා ඔබ send කරන texts, photos, voice messages, emoji සහ stickers ආදිය අනෙක් පුද්ගලයා දැකීමෙන් පසු ස්වයංක්‍රීයව delete වන බවත්, එම messages ඔ‍බගේ chat history එකෙහි ඉතිරි නොවන බවත් Facebook සමාගම විසින් ප්‍රකාශ කරනවා.

Instagram platform එකෙහිද disappearing messages අංගයක් ඇතුළත් කර ඇති අතර,
එහිදීත් ඔබ send කළ messages, photos සහ videos ආදිය අනෙක් පුද්ගලයා දැකීමෙන් පසුව ස්වයංක්‍රීයව delete වෙනවා.

ඔබට මෙම Vanish Mode එක භාවිතා කිරීමට අවශ්‍ය නම්, ඔබ එම mode එක select කරගත යුතු අතර ඔබත් සමඟ chat කරන අනෙක් පුද්ගලයාද එයට එකඟවිම අත්‍යවශ්‍ය වෙනවා.

මෙම විශේෂාංගය සක්‍රිය කිරීමෙන් පසුව, ඔබ send කරන messages ස්වයංක්‍රීයව delete වන නමුත් ඔබත් සමඟ conversation එකෙහි සිටින අනෙක් පුද්ගලයා විසින් chat එකෙහි screenshot එකක් ලබාගත් විට ඒ පිළිබඳව ඔබට notify කරන බවද වාර්තා වෙනවා.

මෙම විශේෂාංගය දැනටමත් එක්සත් ජනපදයේ සහ තවත් රටවල් කිහිපයක සිටින ඇතැම් Messenger පරිශීලකයන් සඳහා ලබාගැනීමට හැකියාව තිබෙන අතර Instagram සඳහාත් මෙම Vanish Mode පහසුකම ඉක්මනින්ම ලබාදෙන බවට තොරතුරු වාර්තා වෙනවා.

Messenger – Text and Video Chat for Free - Apps on Google Play
Be together whenever, with our free* all-in-one communication app, complete with unlimited text, voice, video calling and group video chat features. Easily sync your messages and contacts to your Android phone and connect with anyone, anywhere. NEW! WATCH TOGETHERWatch videos, tv shows, and movies…
Instagram - Apps on Google Play
Bringing you closer to the people and things you love. — Instagram from Facebook Connect with friends, share what you’re up to, or see what’s new from others all over the world. Explore our community where you can feel free to be yourself and share everything from your daily moments to life’s highl…
මේ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීම සඳහා Messenger news වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.